Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මම ජාතික ගීයක් පාඩම් කරනවා. කරුණාකරල කරදර කරන්න එපා"
-දෙමළ මිත්‍රයෙකුගේ ස්කයිප් මෝටෝව


රෑ එළිවෙනකම් නිදි වරාගෙන
වතුර ‍බේසමේ කකුල් ඔබා ගෙන
පාඩම් කරන්න - ඔය සිංදුව.
නමෝ නමෝ මාතා නිදිමතද?
බුලත් විට කන්න - සිගරැට්ටුවක් බොන්න.
එකම රටක් එකම බසක් - අ‍පේ තේමාව

ප්‍රේමය වඩා - ඥානය, වීරිය වඩා
ජය භූමිය කරා රැගෙන යන්නට
ඉන්න ඉන්නවනම් අපි කියන විදියට
හෙට උදෑසන, සීරුවෙන් හිට ගෙන ගයන්න
යමු යමු වී නොපමා පාඩම් කරන්න
සිංහලෙන් විතරයි - ඔය සිංදුව

මේක උඹලගෙත් අති සෝබමාන රට
අප හට සැප සිරි ‍සෙත සදනා හෙට
ඒ උනත් අ‍පෙයි ජාතික ගීතය
තමන්ගෙම කියා හිතාගෙන ගයන්න
ජීවත් ‍වෙන්න ඕනෙද? පාඩම් කරන්න
මාරාන්තිකයි - ඔය සිංදුව

2011 ජනවාරි

මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails