Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උණන උණන උල්පත නැණ පැන් පුරන
දිලෙන දිලෙන ගිනිසිල ගණඳුර ඉරන
සිඳින මඩින තැන පන්හිඳ අත රැඳුන
මිතුර කියව පණනල නැති බව සැඟව

වසක් විසක් බඳු වූවා මිස උන්ට
වසක් විසක් කැවුණේ නම් නැහැ උඹට
කරපු විනේ කවුරුත් නැත අහගන්ට
තාම කරුවලයි පාරක බැහැ යන්ට

තියුණු පන්හිඳත් අවදිව තබා පියා
ඇන්ද පින්සලත් සායම් පොවා තියා
හැංගිමුත්තමේ හැංගී ගියා කියා
රජවාසල උඩිං හෙළුවැලි කොක්කු ගියා

ඉරක් වුණත් හවසක් එයි පරවෙන්ට
තැනක් තියේවිද මිනිහෙක් නැතිවෙන්ට
මලත් බාඳුරාවත් දන්නා අපට
කොලත් කඩා පානුය බැරි ඉවසන්ට

අවිත් නැතිව කවි උනනා මිනිසුන්ට
දිනක් ඒවි පන්හිඳ යළි ලෙලවන්ට
එතෙක් රකිමි ගිනි පුපුරක් උඹ දන්න
උඹත් ආපු දවසක ගිනි මොලවන්ට

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails