Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ටයිම් සඟරාව මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන "වසරේ පුද්ගලයා" ලෙස 2010 වර්ෂය වෙනුවෙන් නම්කර ඇත්තේ ලෝප්‍රකට Facebook සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා මෙන්ම එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වශයෙන්ද ක්‍රියාකරන මාර්ක් සකර්බර්ග්ය. ලෝකය හකුළුවාලමින්, ගෝලීය සංකල්පය වඩාත් සමීප කළ අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්ව තව දුරටත් පැහැදිලි කරමින් එය විසින් රඟදක්වනු ලබන භූමිකාව මෙමඟින් තවදුරටත් සනාථ කරනු ලබයි. අන්තර්ජාලය යනු වර්චුවල් වැඩබිමක් ලෙස හඳුන්වන්නේ නම් එහි සමාජයීය පාර්ශවය නියෝජනය කරනු ලබන්නේ ෆේස් බුක් හා අනෙකුත් සමාජජාල වෙබ් අඩවිය. යාන්ත්‍රිකත්වය විසින් මිනිසාට මිනිසා ඈත්කර තබන බවට වන අදහසක් මතු වුවද අන්තර්ජාල සමාජජාල අඩවි හරහා මෙතෙක් සිදු නොවූ විරූ තරම්-

අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙහෙසි පහසු ‍කොට ඇත. සරලව ගතහොත් අපි විසින් ඇසුරුකරන පුද්ගලයින් වෙත ක්ෂණිකව ලඟාවිය හැකි තත්ත්වයන් මෙමඟින් උදාවී ඇත. වර්චුවල් අවකාශයක් තුළ සිදුවන මානව සම්බන්ධතාවේ ස්වභාවය පිළිබඳව වෙනමම විමර්ෂණයක් කළ යුතුව ඇත. එසේ වුවද අන්තර්ජාලය හරහා පුද්ගල සම්බන්ධතා නව මානයකට රැගෙන ගිය බව සත්‍යයකි.

තමා වෙත කරනු ලැබූණු අගය කිරීම පිළිබඳව සකර්බර්ග් මෙසේ කියයි: "ලෝකයේ මිලියන ගණනක පිරිසක් එකට සම්බන්ධ කර තැබීම සඳහා දායක වීමට ලැබීම සතුටක් වගේම ගෞරවයක්. මාත් එහි දායකයෙක් කියලා හිතෙනකොට සතුටු හිතෙනවා"

Facebook වෙබ් අඩවිය යනු මේ වන විට ලොව වැඩියෙන්ම ජනප්‍රිය වෙබ් අඩවිය කිවහොත් නිවරැදිය. සංඛ්‍යා දත්ත අනුව එය දෙවැනි වන්නේ ගූගුල් වෙබ් අඩවියට (සෙවුම් යන්ත්‍රය) පමණි. ෆේස් බුක් වෙබ් අඩවිය දක්වන ආකාරයට ඔවුන් සතුව මිලියන 500 ක සාමාජියකින් ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් අඩක් සෑම දිනකම සිය අඩවිය වෙත පිවිසෙති. එක් සාමාජිකයෙකුට සාමාන්‍ය වශයෙන් 130ක පමණ මිතුරන් ප්‍රමාණයක් සිටින අතර මාසයකට විනාඩි බිලියන 700 ක කාලයක් සිය සාමාජිකයින් පිරිස එහි රැ‍ඳෙති.

"ඉන්ටර්නෙට් කැෆේ" ලෙස බෝඩ් ගසා ගත් පිටිසර ගමක වුවද අන්තර්ජාල භාවිතා කරන්නෙක් අනිවාර්යෙන්ම ෆේස් බුක් සාමාජයිකයෙක් වීමම ලොව පුරා පවතින ෆේස්බුක් උන්මාදයට උදාරණ සපයයි. අන්තර්ජාල මේනියාවකටද මඟ පාදමින් එක්තරා අසුබවාදී දිශාවක් දක්වාද විහිදුණු පරාසයකට පාර කැපුණු ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සමාජජාල අඩවි තුළින් එකතු වන පිරිස් පිළිබඳ සර්ව අශුභවාදයකට යාම නුවණැති තීරණයක් නොවේ.


කලෙක අන්තර්ජාලය යනු සුඛෝපභෝගී භාණ්ඩ අතරට ගැණුනක් වුවද මේ වන විට එය ක්‍රම ක්‍රමයෙන් සමාජයේ පළල් පරාසයක් දක්වා ව්‍යාප්තව ඇත. නූතන තාක්ෂණය හරහා යාන්ත්‍රීකරණයට ලක්වුණු ජීවිත වෙනුවෙන් ඊට සරිලන ආකාරයේ විකල්ප සමාජයීය අවකාශයක් අන්තර්ජාලය තුළ නිර්මාණය වන්නේ අහඹුවකින් නොවේ. ඒ අනුව අන්තර්ජාල සමාජයීය අවකාශයන් පිළිබඳ නිර්නායකයන් සැකසිය යුත්තේ සාමාන්‍ය ජන සමාජයේ භෞතිකව සිදුවන ගණුදෙණු වලට සාපේක්ෂව නොව සමස්ත දේශපාලන ආර්ථික සමාජ ව්‍යූහයන් තුළ මානව ජීවිතයේ සැකැස්මට සාපෙක්ෂ වශයෙන්ය.

ලොව නිෂ්පාදන ක්ෂේත්‍රයේ බුද්ධිමය වැඩබිම් සයිබර් අවකාශය තුළ ස්ථාපිත වන විට ඒ තුළ ඊට අනන්‍යවූ සමාජයීය අවකාශයක්ද සැකසෙන විට එහි අනන්‍ය ලක්ෂණ බොහෝමයක් පවතී. මානව ලෝකය හුදු භෞතික ගණුදෙනුවක ස්වරූපයට වෙනස් වෙමින් සයිබර් අවකාශයටම අනන්‍ය වූ ලක්ෂණයන්ගෙන් යුතු වුවද එකී මානව ගණුදෙණු මඟින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වන බව අසත්‍යයක් නොවේ. මෑත කාලීන ලෝක සිවිල් අරගල වලදී අන්තර්ජාලය විසින් සැළකිය යුතු පෙළගැස්වීම් ප්‍රමාණයක් සිදුකිරීමත්, ඒවාට ප්‍රතිවිරුද්ධ බලපෑම් එල්ල වීමත් මඟින් තවදුරටත් සනාථ වන්නේ අනාගත මානවයාගේ හැසිරීමත් එහි ස්වරූපයත් නොවේද?

ටයිම් සඟරාව මඟින් යෝජනා කර තිබූ අනෙක් පුද්ගලයාටද ඇත්තේ අන්තර්ජාල මාධ්‍ය සම්බන්ධයෙන් වූ තත්ත්වයකි. එනම් විකිලික්ස් වෙබ් අඩවි නිර්මාපක ජුලියන් අසන්ගේය. මේ අනුව අන්තර්ජාලය මාධ්‍ය සම්බන්ධයෙන් වන අනාගත බලපෑම ගැන අදහසක් ලබාගැනීම අපහසුවන්නක් නොවේ.

මයික් සකර්බර්ග් නම් කළ පසු ඔහු පිළිබඳ අදහස් දක්වන ටයිම් සඟරාවේ සංස්කාරක වරයා පවසුවේ... : "ටයිම් සඟරාව විසින් ‍වසරේ පුද්ගලයා ලෙස නම්කරන ලද තවත් අයෙක් වූයේ බ්‍රිතාන්‍ය මහරැජිණයි. ඒත් මාක් අධිරාජ්‍යයකට අයිතිකම් කියූ කෙනෙක් ‍නොවේ. එහෙත් ඔහු විසින් අධිරාජ්‍යයක් නිර්මාණය කළා. වසරේ පුද්ගලයා බවට පත්විම ගෞරවාදරයක්ම නෙවෙයි, එය පුද්ලයින්ට අපේ ලෝකය තව තවත් යහපත් ලෝකයක් බවට පත්කරන්න ලබාදෙන පිළිගැනීමක්. ඔහු විසින් බිලියන භාගයක ජනතාවක් එකට එකතු කරා..."

නිර්මාණශීලී තරුණයෙකුට ලොව කෝටිපතියන් අතරට පිවිසීම සඳහා අවකාශය ලෙස අන්තර්ජාලය උපකාරී වීම ගැන මාක් සකර්බර්ග් විශිෂ්ඨතම උදාහරණයක්. අන්තර්ජාලය හරහා මෙකී සහභාගීත්ව අවස්ථාව තව දුරටත් ව්‍යාප්ත වන බව ද පැහැදිලිය.

ටයිම් සඟරාව විසින් අනාගත ලෝකයේ සැළකිල්ල යොමුවිය යුතු දිශාව මනාව පෙන්වා දෙයි. ආකෘතිය වෙනස් වූ සමාජ භාවිතයන් මෙන්ම සහභාගීත්ව අවස්ථාවක්ද අන්තර්ජාල අවකාශය තුළ වැඩි පරාසයකට විහිදේ. වඩා යහපත් වූ ලෝකයක් ගොඩනඟාගැනීම සඳහා පවතින බාධාවන් අබිභවීම උදෙසා නූතන තාක්ෂණ මාධ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීමට තවදුරටත් පසුබට නොවිය යුතු බවට හොඳම ඉඟියක් දැන් ලැබී තිබේ.

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails