Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පිලිපීනයේ ජාතික වීරයෙකු ලෙස පුද ලබන ජෝසේ රිසාල් [José Rizal] විසින් රචිත බොහෝ නිර්මාණ අතරෙන් විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය "My Last Farewell" ලෙස සැළකේ. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ගෙන් පිලිපීනය නිදහස් කරගනු සඳහා ජනතාව සංවිධානයේ කිරීම හේතුවෙන් ස්පාඤ්ඤ යටත් විජිත පාලනය විසින් "රාජ්‍යයේ සතුරෙකු" ලෙස නම් කරමින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. ඔහු විසින් මෙම කවිය ලියන ලද්දේ මරණයට පෙර දින සිරගෙය තුළ දීය. ඔහු විසින් ස්පාඤ්ඤ බසින් ලියන ලද ‍මෙම කවිය සිරස්තලයක් රහිත වූ එකකි.

කුමන්ත්‍රණකාරි නඩු විභාගයකින් පසුව 1896 දෙසැම්බර් 30 වැනිදින මැනිලා නුවර Bagumbayanහිදී (දැන් Rizal Park) ඔහුගේ දේශපාලන සගයන්ද සමග රිසාල්ව වෙඩි තබා මරා දමන ලදි.

ඔහුගේ මරණයෙන් පසුව මෙම කව "Mi Ultimo Adios" යන සිරස්තලය යටතේ පල විය. මෙම කවියේ ඉංග්‍රිසි පරිවර්තන විශාල සංඛ්‍යාවක් ඇති නමුත් චාල්ස් ඩර්බිෂයර් [Charles Derbyshire] විසින් කරන ලද පරිවර්තනය වඩාත් පැතිර පවතී.

1861 ජූනි 19 වැනි දීන පිලිපීනයේ මැනිලා හි කලම්බා නගරයේ ධනවත් ප්‍රභූ පවුලක උපත ලද ජෝසේ රිසාල් වසර 16 දී දර්ශනය සහ සාහිත්‍යය පිලිබද සිය මූලික උපාධිය සම්පූර්ණ කළ අතර වයස 23 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගනිමින් අක්ෂි වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීම ඇරඹූ අතර පසුව පැරිසියේදී සහ ජර්මනියේ හයිඩල්බර්ග් හිදී ලද වැඩිදුර අධ්‍යනය තුලින් අක්ෂි වෛද්‍යවේදය පිලිබද විශේෂඥයෙකු විය.

රිසාල් විසින් ලියන ලද පළමු නවකථාව වූ Noli Me Tangere [Touch me not] බර්ලිනයේදී පළ විය. එය පිලිපීනයේ රෝමානු කතෝලික පල්ලිය සහ ස්පාඤ්ඤ පූජකවරුන් විසින් බලය අයුතු ලෙස යොදාගෙන කරනු ලබන විවිධ අපචාරයන් සහ අයුක්තීන් ස්පාඤ්ඤ පූජකවරුන් විසින් ලිංගිකව සූරාකනු ලබන ස්වදේශික ගැහැණුන් පිලිබඳවද ලියැවුණකි. ඔහුගේ දෙවන නවකතාව වූ "El Filibusterismo" [The riots] බෙල්ජියමේදී පළ වූ අතර එයින් පිලිපීනයේ ස්පාඤ්ඤ යටත්විජිත පාලනයට එරෙහිව වැඩෙන අසහනය නිරූපණය විය. ඔහුගේ කෘතීන් පිලිපීනය තුල තහනම් විය. 1892දී ඔහු පිලිපිනයට පෙරලා පැමිණි අතර පිලිපීනයේ නිදහස උදෙසා සටන් කළ ප්‍රතිසංස්කරණවාදී Liga Filipina පිලිපීන ලීගය ඔහු විසින් අරඹන ලදි. පසුව මෙය ස්පාඤ්ඤ ආණ්ඩුකාරයා විසින් තහනම් කරන ලදි. රිසාල්ව අත් අඩංගුවට ගෙන ඔහු මින්දනාඕ දූපත්වලට පිටුවහල් කළ බව දැනගත් ඔහුගේ සගයන් "කතිපුනාන්" නම් නව රහසිගත විමුක්ති ව්‍යාපාරයක් ගොඩනගා රටපුරා විරෝධතා දියත් කළහ. මෙයින් කුපිත වූ ස්පාඤ්ඤ ආණ්ඩුකාරයා රිසාල් වෙඩිතබා මරා දැමීමට නියෝග කළේය.


The Power Of Science Over Death


රිසාල්ගේ මරණින් පසු කතිපූනාන් ව්‍යාපාරය, ස්පාඤ්ඤ හමුදා සමග කළ සටන්වලින් පසු පිලිපීනයේ විශාල පෙදෙසක් නිදහස් කරගැනීමෙහිලා සමත්විය. පසුව ඇමෙරිකා එක්සත් ජනපදය පිලිපීනයට හමුදා මැදිහත් වීමක් සිදුකර ස්පාඤ්ඤ පාලනය පරාජය කළ අතර කතිපුනාන් ව්‍යාපාරය සමග සම්මුතියකට එළැඹීයේය. නමුත් පොරොන්දු වූ පරිදි පිලිපීනයට නිදහස ලබා දීමට ඇමරිකානුවන් කටයුතු නොකළ හෙයින් කතිපුනාන් ව්‍යාපාරයේ වඩාත් විප්ලවකාරී කොටස් ඇමෙරිකාව සමග යුද්ධයකට එළැඹි අතර එම යුද්ධය දිගුකාලීන සන්නද්ධ අරගලයක් බවට පත් විය.


Prometheus Bound


රිසාල් වත්මන් පිලිපීනයේ ජාතික වීරයෙකු ලෙස සැළකෙන අතර ඔහු වෙඩි තබා මරා දමන ලද ස්ථානයේ ස්මාරකයක් ඉදිකර තිබේ.

රිසාල් දේශපාලන නායකයෙකු පමණක් නොවීය. ඔහු නවකතා කරුවෙකු, දේශපාලන විචාරකයෙකු, භාෂා විශාරදයෙකු දාර්ශනිකයෙකු, අධ්‍යාපනඥයෙකු, චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු ලෙසද වසර 35ක ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ මානව සංහතිය වෙත කෘතීන් විශාල සංඛ්‍යාවක් දායාද කොට තිබේ.

[The Power of Science over Death සහ Prometheus bound යන මැටි මූර්ති රිසාල් ශිෂ්‍යයෙකුව සිටියදී නිර්මාණය කරන ලද ඒවාය.]


Execution Of Jose Rizal | Larger View


අවසන් සමුගැනීම

සමු ගනිමි ආදරණීය පිතෘභූමිය!
හිරුගේ ආදරයෙන් උණුසුම් වූ
පෙරදිග සයුරේ මුතු ඇටය, අහිමි පාරාදීසය!
සොම්නසින් මම දැන් ඔබට පිරිනමමි
වියැකුන මා දිවියේ මහඟු තිලිණය.
දිදුලන නැවුම් සහ ආසිරිලත් යොවුන් කල වුව
මම එය ඔබට පිරිනමන්නට ඉඩතිබිණි
ගෙවිය යුතු මිල කොතෙක් වුව!

සටන් බිම රුදුරු යුද මැද සෙස්සො දිවි පුදා ඇත.
නොබියව නොපැකිළව අඳුරු දෙව්දුරු අරණක
නැතොත් මානෙල් මලින් පිරි ජලතලයක
පෝරකය මත හෝ නිසරු මුඩු බිමෙක
කොහිවුවද එකමය දේශයට එය ඇවැසි විට.

උදාසන අරුණළු වැටෙන විට මරණය මවෙත එනු ඇත
දිනකර පණිවිඩය ගෙන රැයෙහි තිමිරය විනිවිද.
උදා හිරු එළියේ අවරතු පැහැය මැඩුමට
ගලා යන මා රුහිරු ගෙන වගුළ මැන ප්‍රියය ඔබ
පැහැය දෙනු වස් අවදිවන රතු හිරු කිරණ වෙත.

සිහින දුටුවෙමි, දිවි දොරටු මාවෙත විවර වූ පළමු දින සිට
සිහින දුටුවෙමි යොවුන් පැතුමන් ගැහෙන කල හද
ඔබේ සෙනෙහැති වත දකිනු වස්, අහෝ පෙරදිග සයුරු මිණ ඔබ!
ළසෝ අඳුරෙන් මිදී සෙනෙහසද සැනසුමද හිමි වී
නළළ මත ලේ ලකුණු නොමැතිව දෑස තුළ දුක් කඳුළු නොමැතිව.

මා දිවියේ සිහිනය දැවෙන දිවමන් අරමුණ
ප්‍රණාමය වේවා! හඬයි මා හද නුදුරු ඉරණම අබියස.
ප්‍රණාමය වේවා! මිහිරිය නික්මුමද ඔබ උදෙසාම,
මියෙනු වස් ඔබ නමින් ඔබ පැතූ විලසින්ම,
සදාකාලික රැය තුළ ඔබ උකුළ මත සැතපෙමි.

යම් දිනෙක ඔබ දුටුවහොත් මා සොහොන මත
නැගුනු තණ පදුරු මත සොවින් බර වූ කුසුමක්
ඔබ ලවන් මතට ගෙන එය සිප ගනු මැනවි
එවිට මට දැනෙනු ඇත සීතල මිනීවල තුළ සිට
මා නළල මත ඔබේ මුදු පහසද උණුසුම් සුසුමේ බලයද.

ඉඩහළ මැනව, වැතිරෙන්න මා මත සඳෙහි සන්සුන් සුමුදු කැල්මට
ඉඩ හළ මැනව, දිදුලන අරුණ කිරණට වැගිරෙනු පිණිස මා මත
ඉඩ හළ මැනව, හමනා සිසිල් පවනට ළසෝ ගීයක් මුමුණන.
මා සොහොන මත කුරුසෙහි කුරුල්ලෙකු දුටුවොත්,
ඉඩ හළ මැනව ඔහු හට ගයන්නට ගීතිකාවක් සිහින් ස්වරයෙන්
මාගේ ශේෂ වූ භෂ්ම වෙත සාමය ලබා දෙනු වස්.
ඉඩ හළ මැනව හිරු හට වැසිබිඳු ඇද ගන්න ගගනත
පිවිතුරු ස්වර්ගය වෙත ඉවසනු වස් මා ප්‍රමාදිත විරෝධය.
ඉඩහළ මැනව වැළපෙන්න කුළුණු බර හදකට
මා අකල් ඉරණම ගැන
නිහඬ සැන්දෑවේ යාතිකාවක් ඇසෙනු ඇත
ඔබ වෙතින් ඈත ඉහළට
අහෝ මාගේ දේශය! එවිට මම දෙවිඳුන් තුළ සැතපෙමින් සිටිනු ඇත.

අවාසනාවත් ලෙස මළා වූ සියළු දෙන වෙනුවෙන්,
අපරිමිත දුක් වේදනාවන් විඳි සියල්ලන් වෙනුවෙන්,
දුක්බරව වැළපෙන අපගේ මවුවරුන් වෙනුවෙන්,
වැන්දඹුවන් සහ අනත් දරුවන් වෙනුවෙන්,
සිරගතවූවන් සහ වධයට ලක් වූවන් වෙනුවෙන්,
අවසන ඔබ වෙනුවෙන්,
ඔබගේම විමුක්තිය වෙනුවෙන්,
යාතිකා කළ මැන

ගනඳුරු රැය සොහොන්බිම හාත්පස වෙළා ගන්නා විට
නිදිමරන මළවුන් පමණකි අසල.
නොබිඳින්න මා නින්ද හෝ ගැඹුරු අද්භූත බව මෙහි රැඳුනු
එවිට අහම්බෙන් මෙන් ඔබ හට ඇසෙනු ඇත
මිමිණෙනා ශෝක ගීතය...
ඒ මා වෙමි, අහෝ මගේ දේශය!
මම ඔබ වෙත උස් හඬින් ගයන්නෙමි.

මගේ සොහොන ඉතින් අමතක වී ගියද,
කුරුසයක් හෝ සෙල් පුවරුවක් කිසිදිනෙක ඒමත නොඑසවුනද,
පස පෙරළමින් නගුලකට ඒ මතින්
ඇදී යාමට ඉඩ හල මැනව.

මා‍ගේ අළු මහපොලව මත පාවාඩ වනු ඇත,
ශුන්‍යත්වයේ දියව යනු පෙර.

මා ගැන මතක කෙමෙන් වියැකී ගියද කම් නැත.
සැරි සරනවිට මා ඔබේ නිම්න මිටියාවත් තැනිතලා මත
ස්පන්ද සහ ස්වර රැගෙන එමි ඔබේ වාතලය වෙත.
එහි සුවඳ. නොයෙක් පැහැයන් සහ එළිය මතු නොව
ගීතිකාවන් සහ වැළපුම්ද විසින් නිබඳ මා තුළ රකිනු ඇත
කිසිදිනෙක නොමියෙන අපරිමිත බැති සිත.

පූජනීය පිතෘභූමිය මාගේ ශෝකය බෙදාගනිමි!
ආදරණීය පිලිපීනයනි මේ මා‍ගේ අවසන් සමුගැනීමයි!
මව්පියනි, නෑසියනි, මිතුරනි!
මා සතු සියල්ල ඔබ වෙත පුද කරමි
පීඩකයා හමුවේ වහලෙකු මෙන් දණ ගැසීමට
සිදු නොවන තැනකට,
දේවරාජ්‍යය ඉහළින් නැගී ඇති තැනකට යනු පිණිස

මා‍ගේ ඉරී ගිය ආත්මය ඉවතට දමමින්
ඔබ සියලු දෙනා ගෙන් සමුගනිමි.
උරුමය අහිමි වූ මා ළමාකල සගයිනි,
ස්තූති කළ මැන මාගේ කටුක දින අවසන් වීම ගැන.
මා මග එළිය කළ ළබැඳි මිතුර!
ඔබගෙන්ද සමුගනිමි.

සියලු ජීවතුනි! මම ඔබෙන් සමුගනිමි
මරණය! විවේකය එය තුළ රැඳී තිබේ

-José Rizal| ජෝසේ රිසාල්
[පරිවර්තනය| අර්ජුන]


My Last Farewell
by Jose Rizal

Farewell, dear Fatherland, clime of the sun caress'd
Pearl of the Orient seas, our Eden lost!,
Gladly now I go to give thee this faded life's best,
And were it brighter, fresher, or more blest
Still would I give it thee, nor count the cost.

On the field of battle, 'mid the frenzy of fight,
Others have given their lives, without doubt or heed;
The place matters not-cypress or laurel or lily white,
Scaffold or open plain, combat or martyrdom's plight,
T is ever the same, to serve our home and country's need.

I die just when I see the dawn break,
Through the gloom of night, to herald the day;
And if color is lacking my blood thou shalt take,
Pour'd out at need for thy dear sake
To dye with its crimson the waking ray.

My dreams, when life first opened to me,
My dreams, when the hopes of youth beat high,
Were to see thy lov'd face, O gem of the Orient sea
From gloom and grief, from care and sorrow free;
No blush on thy brow, no tear in thine eye.

Dream of my life, my living and burning desire,
All hail ! cries the soul that is now to take flight;
All hail ! And sweet it is for thee to expire ;
To die for thy sake, that thou mayst aspire;
And sleep in thy bosom eternity's long night.

If over my grave some day thou seest grow,
In the grassy sod, a humble flower,
Draw it to thy lips and kiss my soul so,
While I may feel on my brow in the cold tomb below
The touch of thy tenderness, thy breath's warm power.

Let the moon beam over me soft and serene,
Let the dawn shed over me its radiant flashes,
Let the wind with sad lament over me keen ;
And if on my cross a bird should be seen,
Let it trill there its hymn of peace to my ashes.
Let the sun draw the vapors up to the sky,
And heavenward in purity bear my tardy protest
Let some kind soul o 'er my untimely fate sigh,
And in the still evening a prayer be lifted on high
From thee, 0 my country, that in God I may rest.

Pray for all those that hapless have died,
For all who have suffered the unmeasur'd pain;
For our mothers that bitterly their woes have cried,
For widows and orphans, for captives by torture tried
And then for thyself that redemption thou mayst gain.

And when the dark night wraps the graveyard around
With only the dead in their vigil to see
Break not my repose or the mystery profound
And perchance thou mayst hear a sad hymn resound
'T is I, O my country, raising a song unto thee.

And even my grave is remembered no more
Unmark'd by never a cross nor a stone
Let the plow sweep through it, the spade turn it o'er
That my ashes may carpet earthly floor,
Before into nothingness at last they are blown.

Then will oblivion bring to me no care
As over thy vales and plains I sweep;
Throbbing and cleansed in thy space and air
With color and light, with song and lament I fare,
Ever repeating the faith that I keep.

My Fatherland ador'd, that sadness to my sorrow lends
Beloved Filipinas, hear now my last good-by!
I give thee all: parents and kindred and friends
For I go where no slave before the oppressor bends,
Where faith can never kill, and God reigns e'er on high!

Farewell to you all, from my soul torn away,
Friends of my childhood in the home dispossessed !
Give thanks that I rest from the wearisome day !
Farewell to thee, too, sweet friend that lightened my way;
Beloved creatures all, farewell! In death there is rest !


[Translated by Charles Derbyshire]
පරිවර්තනය - අර්ජුන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails