Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සයිබර් අවකාශයේ ප්‍රචලිතම සිංහල පුවත් වෙබ් අඩවියක් වූ ඊ නිව්ස් කොළඹ කාර්යාලය අළු දුලී බවට පත් කර මඩ ලොරියක් ඇද දමා තිබේ. යාපා පටුන ජයගත් හෙළ හමුදා අණු ඛණ්ඩයක් මේ විපතේ කොටස්කරුවන් වී ඇත. අද දවසේ උතුර යටපත් කර ඇති හමුදා යකඩ සපත්තුව දකුණට හැරී ඇති බව ජවිපේ නායක සෝමාට දැනෙමින් තිබේ. අහෝ ඔබලා කල පාපයක මහත යැයි ඔවුන්ගෙන් දකුණේ ජනතාව අසන කාලය වැඩි ඈතක නොමැති බව සමහර විට ඔහුට ද දැනෙමින් පවති යැයි හැගේ.

එදා අසූ නමයේ තම දේශප්‍රමී අරගලයේ ශ්‍රීමත් ප්‍රේමදාස තම ඉන්දියන් වීරෝධී සටනේ නියමුවා වී පසුව ජවිපෙයේම බෙලි කපාවීදැයි වීශ්වාස නොකල හා සමාන්තරවම උතුරේ දෙමළ නිජබීම අළු දුලී කල හමුදා අණුඛණ්ඩ දිනක තම කාර්යාලයේ දොරට තට්ටු කරාවීයැයි ඔවුන් කවදාවත් නොසිතිනු ඇත.

කම්කරු නායක ලාල් කාන්තගේ සිට ලිබරල්වාදී රනිල් දක්වා මැද පෙරදිග ජන අරගලයේ උණුසුමින් සසල වී ඇත. ඔවුහු දැන් ලාංකික මුබාරක්ගේ නික්ම යාමේ දින ගණින තත්වයකට පැමිණෙමින් තිබේ. මේ දෙබෑයන්ම නිල හා නොනිල ලෙස ලාංකීය මුබාරකගේ රාජ පෙළපත තහවුරු කිරිම වෙනුවෙන් බොහෝ අවස්ථාවල ඇප කැප වී ඇත. කොතරම් නිර්ලජ්ජීත ලෙස රජතුමා ලන්ඩන් නගරයෙන් රෙදී කඩා ගෙන දිවු අවස්ථාවේ පවා ජවිපේ නායකත්වය රජතුමා රැකීමට ඉදිරිපත් වු බව කවුරුත් දන්නා කරුණකි. ඒ වගේම මුස්ලිම් නායක හකිම් රජමැදුරටම ගෙන ගොස් සාටකයේ ගැට ගැසුවේ දක්ෂීණාංශික රනිල් බවද නොදන්නෝ නොමැති තරම්ය.

අන්තර්ජාල විකීපීඩියාවේ සදහන් වන්නේ දැනට ලෝකයේ සිටින දුෂිතම ඒකාධිපති පාලකයා ඊජීප්තුවේ මුබාරක් ජන නැගීටිම් පාදක කොටගෙන 2011 සැප්තැම්බර් ඉවත් වීමට සුදානම් බවය. වසර තිහක කාලයක් කෙසේ බලයේ සිටියේද යන්න එහි වැඩිදුර විස්තර කෙරෙන අතරම සිනහ උපදවන කරුණුක් ද සදහන් වි තිබේ. මුබාරක්, 1995 දී ඉන්දියාවේ "ජවහර් ලාල් නේරු සම්මානයෙන්" පුද ලද ලබා ඇත. මතු දිනක අපගේ රජතුමා ට ද එය හිමිවීමට ඉඩකඩ තිබේ.

අවුරුදු තිහක් තිස්සේ ජනයා සාගින්නේන් පාරට ඇද දැමූ මුබාරක් දෙපයින් සිටූවීමට දිවා රෑ ඔබාමාගේ සිට ටෝනි බේලයාර් දක්වා වෙහෙස මහන්සි වන බව පෙනේ. අවලංගු කාසියක් වු ටෝනි බේලයාර් පවසන්නේ මුස්ලිම් අන්තවාදයෙන් ඊජිප්තුව බේරාගැනීමේ එකම මග මුබාරක් රැකීම පමණක් බවයි. එමගින් අරාබිකරයේ පැතිරෙමින් පවතින ජන නැගීටිමේ රැල්ළ යටපත් කිරිම කිරීම ඔවුන්ගේ අරමුණයි.

ඊට සමාන්තරව අප දුපත හා සසඳා බැලීමේ දී ඔවුන්ගේ සදාකාලික සුරතලා වු සිංහල බෞද්ධ මුලධර්මවාදීගෙන් නඩත්තු වෙන මහින්ද රාජවංශය ගෝලීය බලවතුන් මනමෝහන් සින්ට බාර දී තිබෙන්නේ කාලයකට පෙරය. දෙමළ ජාතික සන්ධානය ද රාජවංශයට ගැට ගසමින් දෙමළ ජනයාගේ සැබෑ නැගීටිම අළු දුවිලි බවට පත් කෙරු මහිං-සිං බලකාය නැවතත් දෙමළ ජනයාගේ නිදහස අරගලය A9 පාරටත් උතුරු නැගෙනහිර පළාත්පාලන ජන්දය හා කේ.පී.ගේ පුනරුත්ථාපන වැඩ පිළිවෙළටත් ගැටගැසීමට මාන බලමින් සිටී.

ටියුනිෂීයාවේ හා ඊජීප්තුවේ ජනතා අරගලය වැඩකරන ජනතා බලයක නායකත්වයක් දිශාවට පිහිටුවිමේ නොහැකියාවේ හිඩැස මත මේ මුස්ලිම් අන්තවාදී බලවේග ඉදිරියට පනිමින් තිබීම ඉතිහාසයේ තවත් බේදවාචකයකි. එවැනි තවත් බේදවාචකයකින් ලාංකීක මුබාරක් පැන්නීමේ අරගලය බේරාගැනීම නම් සියලු ප්‍රගතීශීලින් ජාතිවාදයෙන් වෙන් වු බලවේග වල යපහත් බැදීමක් සඳහා අඩිතාලම සකස් කර ගත යුතු කාලයක අප පැමිණෙමින් සිටීමු. පුද්ගලික න්‍යාය පත්‍රයන් පසෙකට දමා සියලුම ජන අයිතීන් සුරකමින් මේ වහල් ආර්ථක ක්‍රමයෙන් මිදීම් මාවතකට යොමු වීම අද දවසේ ඔවුන්ගේ වගකීම වනු ඇත.

මේ මොහොත වන විට ටියුනිෂීයාවේ හා ඊජීප්තුවේ මෙන්ම ගෝලීය බලවතුන්ට කුලියට කඩේ යන වෙනත් ඊනියා දේශප්‍රේමීයෙක් ඊලගට රඟමඩලට එළඹීම වැලැක්වීම කල හැක්කේ ඒවැනි උතුරේත්- දකුණේත් එකාබද්ධ වු ප්‍රගතශීලී බලවේගයකට පමණී. එවැන්නක් ගොඩනැගීම කැපවීවෙමින් තම නිම්වළලු පළල් කර ගනිමින් රජමැදුරෙන් දිගු කෙරෙන විවිධාකාර වු දරුණු මර්දන හස්තයෙන් ගෙන් ආරක්ෂා වීමට කාලය පැමිණ තිබේ.

ශෂී පිරිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails