Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මැද පෙරදිග හමා යන නිදහසේ කාහල නාදය දිනෙන් දින බල තෙද ගැන්වෙයි. එකම භාෂාවක් කථා කරන එකම ජනතාවක් දේශසීමා වලට කොටු කර ගෙන දරුණු හා තිරිසන් ලෙස ගසා කෑ කාලය අවසන් වෙමින් පවතී. ඔවුන්ට අල්ලා දෙවියන් පෙන්වමින් මැද පෙරදිග ඒකාධිපති නඩය ඔවුන්ව රැවටූ කාලයට තිත තැබීමේ මොහොත එළැඹෙමින් තිබේ. මේ ආස්වාදයෙන් ලෝකයේ වැඩ කරන-

ජනතා ව්‍යාපාර හා ප්‍රගතිශීලි ජනතා සංවිධාන ඔවුන්ගේ අයිතින් උදෙසා ඉදිරියට පියවර තබන බවක් පෙනේ. දැන් මැද පෙරදිග ජන අරගල මාවත තම එකම සටන් මග ලෙස තෝරා ගෙන තිබේ. ඔබාමා සහ බින් ලාඩන් අතර පැවැත්වෙන ශුද්ධ වු යුද්ධය ලෝක න්‍යාය පත්‍රයේ කුණු කූඩයට වැටෙමින් පවතී. එය පවත්වාගෙන යනු ලබන්නේ හුදෙක් ජන අරගල යටපත් කිරිමට බවට දත යුතු කරුණකි. ලෝකය පුරාම බහුජන අරගල මාවත වෙතට ජනයා ඉදිරියට එමින් පවතී. සටනේ කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය මහත් ආකර්ශණීය වු බව මැද පෙරදිග ඒකාධිපතියන් ඉවත් කිරීමේදී අප දුටු විශේෂම කාරණයකි.

මහිං සිං රජතුමාගේ කුඵපග මිතුරන් දෙදෙනා වන ඉරානයේ අහමඩ්නිජාඩ් සහ ලිබියාවේ ගඩාෆිට ප්‍රබල අභියෝගයක් මේ වන විට එම රටවල ජනයා විදී සටන් ප්‍රහාර මගින් එල්ල කරමින් සිටිති. මේ ළගක දී නාමල් පුත් රුවන මේ අය දැක බලා ගැනීමට ගොස් තිබිණි. අහමඩ්නිජාඩ් හා ගඩාෆි තමන්ගේ සුපුරුදු ඇමෙරිකානු විරෝධය හා අල්ලා දෙවියන් විකිණීම මගින් බලයේ රැඳීමට මාන බලමින් පසු වෙති.

සාමය හැර වෙන ඕනෑම දෙයකට සුදානම් වූ ඊශ්‍රායලය අද වන විට ඊජිප්තුවේ නව හමුදා පාලකයන් තමන් සමග ඇති සාම ගිවිසුම අනුමත කරනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ. මේ සදහා ධවල මන්දිරය ද තම ආයාචනය ඊජිප්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

වොෂිංටන් වාර්තා වලට අනුව ධවල මන්දිරය මේ වන විට ගාන්ධිවාදී වී ඇත. ඔබාමා පවසන්නේ ඊජිප්තු ජනතාවගේ ගාන්ධිවාදී අවිහිංසාවාදී සටන් මග ලෝක ජනයා දිරිමත් කළා පමණක් නොව ප්‍රෝඩාව හා හිංසනය වෙනුවට යුක්තිය තහවුරු කර දී ඇති බවයි.[*] ඔහුට මේ ප්‍රකාශය කිරීමට සිදු වුයේ ජනයා සටන අත්නොහැර දිගින් දිගටම අරගලයේ ධජය අත නොහැරීම නිසාවෙනි. ඊජිප්තු ජනයා සටන පටන් ගත් මුල් අවස්ථාවේ සිටම ඔබාමාලා ටෝනි බ්ලෙයාර්ලා මුබාරක් රැකීම වෙනුවෙන් වලි කෑ අන්දම සිහි ගැන්විය යුතුය. ඔවුන් ඒ පාපයෙන් බේරිම සදහා මේ වන විට ගාන්ධිවාදය නොමිලේම බෙදා හරිමින් සිටින්නෝය. අහා කෙතරම් ආශ්වාදයක් ද? ධවල මන්දිරයම ගාන්ධිගේ අහිංසාවාදය මැද පෙරදිග ඒකාධිපතිවාදය එරෙහිව යොදා ගන්නැයි කියන්නට වීම.....?

මේ ගාන්ධිවාදී පරපුරේ වර්තමාන ප්‍රකාශකයන් වන සෝනියා හා රාහුල් ලාංකීය දෙමළ ජනයා ජන ඝාතක යුද්ධයෙන් දශක දෙක හමාරක් තිස්සේ ලක‍ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පොළවට සමතලා කිරිමට හවුල් වු බව අප මේ ධවල භීෂකයන්ට මතක් කර දිය යුතුව තිබේ.

ඇමෙරිකාව හා යුරෝපය, මැද පෙරදිග සම්පත් ගසා කෑමට උපයෝගී කර ගත් ක්‍රියා පිළිවෙත අසාර්ථක වී ඇති බව බොහෝ විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ සඳහා ඔවුන් අනුගමනය කළ පිළිවෙත නම් ඒකාධිපතියන් නඩත්තුව හා ඔවුන්ට ඔක්සිජන් සැපයීමයි. මේ මැද පෙරදිග ඒකාධිපතියන්ගේ රජ මැඳුරු වල ඔබාමාගේ සිට ටෝනි බ්ලෙයාර් දක්වා "ගාන්ධිවාදීන්", මධුසම නිවාඩු ගතකර ඇති බව හෙළි වි ඇත. ඇමෙරිකානු හා යුරෝපීය පාලකයන් මේ මැද පෙරදිග ඒකාධිපතියන් සමග නැටූ නාඩගම් ඉදිරියේදී තව තවත් 'ලීක්' වීමට නියමිතය.

ඊජීප්තුවේ ජන නැගීටිම විකල්ප වෙනසකට ගෙන යාමට නොහැකි වුයේ රැඩිකල් පක්ෂයක අඩුපාඩුව මත බව විකල්පවාදී මතධාරීන් පෙන්වා දී තිබේ. ඊජීප්තු ජනයා නැවත නැවතත් හඬ නගා සිටින්නේ ඔවුන් මුබාරක් එලෙව්වේ හමුදාවට බලය දීමට නොවන බවය. එක් විචාරකයෙක් තම සටහන අවසන් කර තිබෙන්නේ ඊජීප්තු රජතුමා පළා ගොස් තිබුණත් එහි රජුන් තනන්නන් තාමත් ඊජීප්තු අහසේ පාවෙමින් සිටින බවයි.

පසුගිය සතියේ තෙදිනක් පුරා පැරිස් නගරයේ පැවැති නව ධනපති විරෝධී පක්ෂයේ [NPA] ප්‍රථම සමුළුවේ දී හමු වූ විකල්ප මතධාරීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ලෝකයේ නන් දෙසින් දහස් ගණනින් පැමිණි පක්ෂ හා සංවිධාන වල ක්‍රියාකාරිකයන්ගේ අවසන් ප්‍රකාශයේ සදහන් වන්නේ මේ ඒකාධිපතියන්ට පාර කැපූ ඇමෙරිකානු හා යුරෝපීයානු සමස්ත සැලැස්ම මුලුමනින්ම වෙනස් කිරිමකින් තොරව සෙසු රටවල ජනයායේ නිදහස හා ප්‍රජාතත්ත්‍රවාදය දිනා ගත නොහැකි බවයි. එපමණක් ද නොව ලෝක බැංකුව ප්‍රමුඛව ගෙන යන ණය පොලී සමාජ ආර්ථක සැලැස්මට එරෙහි ණය අහෝසි කිරිම වෙනුවෙන් අරගල හා උද්ඝෝෂණය වල නායකත්වය ගත යුතු බවයි.

ලෝකයේ මේ ජන නැගිටීම් වලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සලකා බැලීමට අද වන විට G20 ලෝක බලවතුන්ගේ සංවිධානයේ හදිසි කැඳවීමක් පැරිසියට කැදවා තිබේ. අහස උසට ඉහල යන ආහාර හා තෙල් මිල නිසා පසුගිය වසරේ ජුනි මස සිට මිලියන 44 ජනයා දුගීභාවයට පත් වී ඇත. ලෝක බැංකුවම පවසන්නේ මිලියන 125ක් අන්ත දුගීභාවයේ පසුවන අතර ඒ තත්වයන් මේ අරගල වලටද පාදක වු බවයි. රටවල් හා සංවිධාන සියයකට වැඩි ගනණකින් සැදුම්ලත් World Development Movement [WDM], මේ G20 බලවතුන්ගෙන් හදිසි අවශ්‍යතාවයක් ලෙස ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ මිල ගණන් පහත දමා සාගින්න නිසා මිය යන මිනිස් ජීවිත බේරා ගන්නා ලෙසයි. WDM අවධාරණය කරන්නේ එවිට ලෝකය පුරා හමා යන මේ දේශපාලන හා සිවිල් අසහනය වලක්වා ගත හැකි බවයි.

අද දවසේ ගාන්ධිවාදය විකුණමින් ඓන්ද්‍රිය ජනයාගේ සටන් අරගල යටපත් කිරිමට ධවල භීෂකයන්ට නොහැකි බව සියලු විකල්ප මතධාරීන් අවබෝධ කර ගත යුතුය. අශ්වයා දිවූ පසු ඉස්තාලය වසා දැමීමෙන් වැඩක් නොවන බව වැඩ කරන ජනතා සංවිධාන, විකල්ප මතධාරීන් හා ප්‍රගතිශීලීන්ට අවබෝධ කර ගත යුතුය. වැඩකරන ජනයා මේ සටන් වල ප්‍රධානතම බලවේගය ලෙස සංවිධානාත්මකව ඉදිරියට නොඑන තාක් ධවල භිෂකයන් වමට සිග්නල් දැමීමට කාලය ඉතිරි වනු ඇත.

2011.02.16

ශෂී පිරිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails