Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


හෘදයාංගම මිනිස් සබඳතාවයක් අහිමි වේදනාවෙන් ආත්මීයව පෙළෙන නමුත් එකිනෙකා හා සම්බන්ධ වීමේ මනුෂ්‍ය භාෂාව අමතකව නගරයේ මහා ජනකායක් මැද හුදකලා වුණු තරුණයෙක් සහ තරුණියක් පිළිබද කතාවකි. මේ අතර රූපවාහිනියේ නොනැවතී හමුදාව විසින් කළ කිලිනොච්චි ජයග්‍රහනය පිළිබද ප්‍රවෘත්ති විකාශය වේ.'කැතී' තමන්ට අයිති සාරය සොයා පිටතට එද්දී 'ඩී' කවුරුන් හෝ ඒ අහිමි සාරය තමන් වෙත රැගෙන විත් දොරට තට්ටුකරන තෙක් ඇතුළතට වී බලා සිටී. කිසිදාක එකිනෙකා මුණ නොගැසෙන ඔවුන් ළං ළංව හිදගෙන 'ආදරය' පැමිණෙන තුරු බලා සිටී. සදාතනික හුදකලාව සිහිනයකින් වසාගෙන ඉදිරියටත් හුස්ම ගන්නට 'ඩී' තීරනය කරයි. නමුත් 'කැතී' තට්ටු කරන්නට තවත් දොරටුවක් සොයා ත්‍රීවිලරයක නගී. සැමුවෙල් බෙකට් "ගොඩෝ එනතුරු" බලා සිටිද්දී 'ඩී' බලා සිටින්නේ නැවත 'කැතී' තමන් වෙත එන තුරුය. ඒ උදය ධර්මවර්ධන හා චින්තන ධර්මදාස විසින් නිර්මාණය කරන ලද "ආදරයේ අංශුමාත්‍රයක්" ච්ත්‍රපටයේ කතා සාරාංශයය.

චිත්‍රපටිය පිළිබද කතා හා සංවාද එහි මංගල දර්ශනය අවසන් වී නොබෝ දිනකින අවසන් වී ගිය අතර නැවත ඒ පිළිබද සංවාදය සමාජ තලයට පැමිනෙන්නේ පසුගිය 7,8,9,යන තෙදින කොළඹ අලියොන්ස් ප්‍රාන්ස් හිදී පවත්වන ලද එහි ප්‍රථම මහජන ප්‍රදර්ශනයට සමගාමීව‍ය. ඊට අදාලව මෙතෙක් ලියැවුනු පුවත්පත් ලිපි හා බොහෝමයක් සිනමා වේදීන්ගේ අදහස් සහිත පොතක් මුද්‍රනය කර ප්‍රකාශයට පත් කිරීම මෙහිදී විශේෂයෙන් සිදුකෙරින. ආචාර්ය ධර්මසේන පතිරාජ, විමුක්ති ජයසුන්දර හා අජිත් කුමාරසිරි යන අයට පොත් පිළිගැන්වීම එහිදී විශේෂිතව සිදුකෙරින. මේ ඒ පිළිබද ආචාර්ය පතිරාජ සමග පසුව කරන ලද සංවාදයේ පසු සටහනය.

*********

අද වනවිට ලාංකීයව අප සිනමාව පිළිබද ගොඩනගා ගෙන ඇති දැනුම ඉතාමත් ප්‍රශ්නකාරීයි. චිත්‍රපට නැරඹීම රසවිදීම වගේම ඒවා සංවාදයට බදුන් කිරීම වැනි අවස්ථා බොහෝමයකදී වන ගැටළු කාරීත්වයන් බොහෝයි. සිනමා අධ්‍යනය පිළිබද අප තුළ ඇති අපොහොසත් දැනුම හා නුපුහුනු බව මීට හේතුවය. මේ නිසාම එක් එක් පුද්ගලයා තුළ ඇති මනස්ගාත සිනමා කෘති මතට පැටවීම එමෙන්ම දියුනු සංවාදයකට ඔවුන් තුළ ඇති භාෂාත්මක ගැටළුව ඉතාමත් තදින් කැපී පෙනෙන්නක්. සමාජමය වශයෙන් film එකක් කියවාගැනීම යන සංවාදය පෙරට ගතයුතු තැනකට අප පත්ව ඇත්තේ බොහෝ කලකට ඉහතදීයි. දියුනු ලෙස දැනුම අප වෙත ගලාගෙන නොපැමිනීමේ ගැටළුව සමාජය වෙලාගත් ඉතිහාසයද එතරම්ම පැරණියි.


එම නිසාම සිනමාව මෙන්ම අනිකුත් විෂයන් හරහාද ගොඩනැගෙන නව‍ තත්වයන් හඳුනා ගැනීමට අප භාවිතාකරණ මිනුම් දඩු හා යෙදුම්ද ඊට අනුරූපව ගැලපෙනවා ද යන්න ගැටළු සහගතයි. අපට ඒ සදහා ගොඩනැගුනු ශික්ෂණයක් හා භාශාවක් නොමැතිකම ඊට තවත් හේතුවක්. අපේ කලාවෙ තිබෙන නැවුම් බව දෝලනය වන්නෙ මේ අවුල් මතයි. විශේෂයෙන්ම මෙවැනි පසුබිමක 'ආදරයේ අංශුමාත්‍රයක්' වැනි ච්ත්‍රපට හිමිකර ගන්නා සංවාදමය තලය ගැටළුකාරීයි. ඊට අදාලව මුද්‍රණය කරනලද පොත එහි කූටප්‍රාත්තියයි. ඒ හරහා සමස්තය හරියාකාරව හඳුනාගෙන ඇත්ද යන්න ප්‍රශ්නයකාරීයි. ඒ වෙනුවට විවිධ විශයයන් හා සම්බන්ධ කරගත් වචන හුවමාරුවක් එහි අන්තර්ගතයි. මෙය ප්‍රවනතාවයක්, පර්යේශනාත්මක දෙයක් යැයි ඉතා සරල ආකාරයෙන් සදහන් කරන ලද වචන කිහිපයකට සමස්ත කෘතිය අහුවුනායි කියා සිතීම අපහසුයි. ඊට එහාගිය පලල් අර්ථයකින් අප මෙවැනි සිනමා කෘතියක් තේරුම් ගතයුතුයි යන්න මගේ හැගීමයි.

උදය සහ චින්තනගෙ මේ වැඩේ Text එකක් විදිහට අරගෙන කියවා බැලීම හරිම සාධාරනයි. බොහොමයක් ප්‍රශ්නවලට උත්තර Textual Analyses එකකදි හමුවීම අනිවාර්යයි. එතකොට කෘතිය හරියාකරව අලල ගන්න පුලුවන් බව මගේ හැගීමයි. ඒ වෙනුවට රටේ පවතින හා පැවතුනු සිනමාවල් සමග සන්සන්දනයෙන් මේ ච්ත්‍රපටිය දිහා බැලීම ගැටලුසහගතයි. එය නරඹපු ගමන් මම මගෙ අතීතයට ගියා. ඒ 'අහස් ගව්ව'ටත් එහා ගිය මගේ 'සතුරෝ' ච්ත්‍රපටියේ අතීතයටයි.

තව පැත්තකින් ගත්තහම මගේ 'අහස් ගව්ව' හැදෙන විදිහයි චින්තන උදයලගෙ කතාවෙයි ලොකූ වෙනසක් නැතිතරම්. ඒකට හේතුව මේ වර්තමාන Textual Analyses එක හරහා ගොඩනැගී තිබෙන සංවාදයයි. මේ ච්ත්‍රපටිය හරහා සංවාදයට බදුන් වුනු තවත් කාරනා තියනව. Low budget film, Independent Film, Video film, Copy කරපු Shot, Celluloid නොවන යන වචන ඒ සංවාද වලින් මතුවුනු කාරනායි. මම හිතන්නෙ නෑ මෙවැනි වචන වලට මේ ෆිල්ම් එකේ mood එක අහුවුනායි කියල. මේව බාහිරෙන් එල්ලා ගත් මෙවලම් නැත්නම් වචන කිහිපයක් විතරයි. අන්න ඒක නිසාමයි අපිට මේ චිත්‍රපටිය හරහා Textual Analyses එකකට යන්න වෙන්නෙ. එතනදි තමයි අපිට නූතන කලාවෙ Mood හරියට අහුවෙන්නෙ. අනික Celluloid ද Digital කියන කාරනා හා එය නිර්මාණය කරල තියන මාධ්‍ය මොක උනත් අපේ ඇස් කන් වලට චිත්‍රපටිය දැනෙනවද ඒ වගෙම අපේ මනසට දැනෙන ආශ්වාදයට එය කොතරම මැදිහත් වෙනවද කියන එකයි වැදගත්.

අදවන විට කලාව ඇතුළු හැමදේම අන්තර් පඨිතයි (Inter Textual). සියලුම දේවල් වල අනුකාරත්මක තත්වයන් වැඩියි. එතන්දි මේක අරකෙන් Copy කරල අරක මෙකෙන් Copy කරල කියල ගොඩනැගෙන සංවාදය නව දෙයක් බිහිනොකරයි. උදාහරනයක් විදිහට මේ අර්ථයෙන් කාලිදාස, සොෆොක්ලීස් වැනි අය ගත්තත් ඔවුන් තනි තනිව ලියපු දෙවල් තිබුනයි සිතීමට අපහසුයි. අද වනවිට ඒ පිළිබදව ගොඩනැගී තිබෙන සංවාදයද හුගක් නූතනයි. අපි Textual Analyses එකක් හරහා මේ දේවල් භාජනය නොකිරීම නිසාම තවදුරටත් ඒවයෙ අපූර්වත්වයක් දකිමින් සිටියි. නමුත් අපූර්වත්වයයි අනුකරනයයි අතරෙ සියුම් වෙනස ඉන් අපට ගිලිහී යන්නේ අපට නොදැනීමයි.

මේ චිත්‍රපටය තුළ පවා කැමරාකරණ රූප රාමු ඇතුලු තවත් දෙවල් කොහෙහරි දැකල තියනව වගේ හැගීමක් එය නරඹපු කිසිවෙකුත් දැනීම සාධාරණයි. නමුත් එහිදී එක අනුකරනය කියල හැදින්වීම මේ අනුව හාස්‍යජනකයි. උදාහරනයක් ලෙස විමුක්තිගෙ චිත්‍රපටි ගත්තහම ඒවායෙ පැසොලොනිගෙ,ත ර්කොවස්කිගෙ යම් යම් දෙවල් තියනව කියල හිතෙනව. ඒත් එහිදී ඔහු අනුකරනය කලායි සිතිමට අපහසුයි. ඒ වගේම ඔහුගෙ කෘතිවල නැවුම් බවක් හා අපූර්වතවයක් නැහැයි ප්‍රකාශ කිරීමට අපහසුයි. අපූර්වත්වය යනු පෙර නොපැවුතුනු දෙයකුත් නෙවයි. පැරනි අලංකාරවාදීන්ගේ ආකාරයට අද දේවල් අර්ථකතනය කිරීම අපහසුයි. පෙර පැවතිය කිසි‍යම් සමානතවයන් සමග වුවද යමකින් කිසියම් නුහුරු නුපුරුදු චමත්කාරයක් ධ්වනිත වෙනවා නම් එතන කිසියම් නැවුම් බවක් හා අපූර්වත්වයක් තිබීම අනිවාර්යයයි. එය හරියට මලකින් සුවද විහිදවනව වගේයි. ඒ අනුව සිනමාවද එබදු තැනකත්ට පත් කිරීමේ හා සොයාගෙන යමේ ගමනක් හැටියට එහිදී ගතහැකියි. එසේ නොමැතිව එය ප්‍රවනතාවක්, තවත් එකක Copyයක් හෝ පර්යේෂනයක් නොවෙයි. ඇයි අද නූතන භාශාව හරහා Poetic Cinema වැනි වචන ගොඩනැගී තිබෙන්නේ. ඒ මෙන්න මෙ තත්වයන් නිසායි. මේව ඇතුලෙ මතුපිටින් පෙනෙනවාට වඩා වැඩි සාහිත්‍යයක් හා වර්ධනය වන භාෂාවක් තියනව. පරීපූර්න ආශ්වාදයකට ප්‍රෙක්ෂකයා ගෙනයාමේ හැකියාව එම කෘති වලට ලැබිල තියෙන්නෙ ඒ නිසාමයි.

නුවන් ජයතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails