Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුදුමය මෙයයි පිරමිඩ වුව වෙයි දෙවැනී
අරුමය එයයි එය කඳුලින් පැන නැගුනී
කරුමය ගෙවී නව යුගයක මල් පිපුණී
සතුටුය! ලෝ පුරා සෝයුරු ඇස් තෙමුණී

මර සෙන් ලෙසින් ගුගුරා වට කොට නුවර
බර උර දරා ලෙලවා ජනතා මුගුර
පිර මිඩ දේසයෙන් එලවා ඇත අඳුර
තිර සර නිදහසක් දල්වා ගනු මිතුර

මැද පෙර දිගින් එන සුළඟට කවුළු හැර
මැද හත් සිතින් විමසනු තව කල් නොහැර
වැද ගත් මහතුනේ මොළවනු පිළි සඳර
බැඳ ගත් බෙරය ගැසුම ද අපෙ දිව මතුර?

කන බත් පතේ වැලි ලන යක් බූ රොත්ත
ඉණ හැඳි කඩත් හොරකම් කරනා හැත්ත
දැන ගත යුතුයි අළු කළ නොහැකිය ඇත්ත
නැණ ගිනි ගලෙන් මුවහත් කළ යුතු කැත්ත

පීයෙන් කකා කිරි පැණි රස බෝජනය
පේමෙන් දෙස දෙසා ගිල්ලූ මෝදකය
"පාරෙන්" නැගී එන විට සැඩ මාරුතය
හීනෙන් පේනවද උතුමනි පෝරකය?

2011-02-12

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails