Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුවත- නිළියක් සැමියාගෙන් පහර කා රෝහල් ගත වෙයි.
නිරීක්ෂණය- අතළොස්සක් මාධ්‍ය හැර අනෙක් සියළු මාධ්‍යවල සති අග කටගැස්ම බවට එකී පුවත පත් වෙයි.

සිංදුව-

පායෙන් බැස රෑ හීනෙට එන්නේ
අතිරේකේ මැද පිටුවෙයි ඉන්නේ
පෑනේ මුවහත ගෙල සිඳලන්නේ
ගුටි කෑ පුවතත් එයිනි ලියන්නේ

උන්ගෙ රුවිනි පත්තර දුවවන්නේ
උන් බැඳි ටෙලියෙනි නිවනට යන්නේ
උන්ගෙම හම "බෙර හඬ"ට බඳින්නේ
කළ ගුණ ලෙස කඳුළුත් විකුණන්නේ

කර වල කන්නෝ කුණු හඳුනන්නෝ
කුණු රස දන්නෝ කුණුම බුදින්නෝ
කෙළ වර දන්නෝ කුණු නුබුදින්නෝ
"අකුරු හිඟන්නෝ" මොකට උපන්නෝ?

පැතුම-

ලොකුවට ලොකු අකුරු තඩි හෙඩිමක් ගස්වා
සරුවට කඳුළු මුතු අහුරක ''කුණ'' බස්වා
ගතියට ලියන්නට දත් සිල්පේ දක්වා
සතියට එක බැගින් නිළියක් ගුටි කත්වා!

2011-02-20

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails