Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුදු සුමුදු නුඹ වත
සැලෙනු දැක හද කම්පිත
යුග දිවියෙ අත් පොත
කියා දුන් සැටි ඇඳුනි නෙතු මත

නොකීවත් පෙම්බර
කතාවත ඒ මණහර
නොදුටුවා නොව සියවර
දෙනෙත තෙත් කර දැරූ මහ බර

රස කළා දී මීවිත
සැනසුවා හැම කළ සිත
ෆර්මිනා මගෙ සඳවත
ඉවසුවා ඇති ඔබේ හදවත

මියෙන මොහොතෙත් ඉවසා
රුවන් දෙනුවන් සනසා
ආදරේ මගෙ පවසා
මුදමි යන්නට වෙතට අරිසා

පිපි සොඳුරු පෙම් මල
හැඳින සිටියද එම කල
උරුමය මටයි සිත කළ
හදිය මැව්වා නුහුරු කළබල

අරීසා මා සකි සඳ
නුඹයි වින්ඳේ දුක් කඳ
කමා කරනුය පින් හද
සොරා ගත්තට නුඹේ රන්කඳ

දිලිනි ඒරියවල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails