Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කනේෂන් අයියාගෙ කෙටි නමයි
කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

පත්තරකාර කනයෝ
පෑන පොඩ්ඩක් දීපං
පෑනට වයසකුත් නෑ
ජාතියකුත් නෑ බං
උඹ ලිය ලියා හිටි ලිපියේ
ඉතුරු බාගය මං ලියන්නම්

තාත්තගෙ වයසෙමයි
තාත්තා වාගෙමයි කනයා
කට ඇරපු හැටියෙම
අවවාද දෝරෙ යනවා

නවත්තහං බං ෂිකරට්
බොන්නෙපා බං අරක්කු
බොලා ඇවිත්
අපෙ ආයිෂත් ඇරගෙන
ඉන්ඩෝන මිනිස්සු

බැණ බැණ එකට බොන
සිගරට් බාගෙ දෙන
කනයාගෙ රුව ගුණ
කවකට කෙළෙස හකුළන
අරක්කු බොන කොට හවසට
කටට රහට
සරක්කු වැඩි වෙන පදමට පැමිණුනාම
මුරුක්කු මෙන් බයිට් කළත්
ඔරොප්පු නොවනා
කොලුක්කට්ෙටෙ වගේ
උගුරැටය සොළවා
සින්දුවක තාලෙ අල්ලයි
අපේ කනයා

ගැඹුරු හඬ මන බැන්දු
කියන්නෙ බෙග්ගෙම සින්දු
බුදු ගුණය ළය රැන්දු
අපේ කනයා හින්දු

ලූලන් කොතෙක් සිටියත් වළ බසින තැන
පණ්ඩිතයා නුඹයි ලූලන් හිස නමන

අපිටත් මචං කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

[ඉකුත් ජනවාරි 30 වන දා එළිදැක්වුණු මංජුල වෙඩිවර්ධනගේ "මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" කෘතිය පිළිගැන්වූයේ මේ කවියෙන් කියවෙන "කනේෂන් අයියා"ටයි.]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails