Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කියවිය නොහැකිද ඉතින් මට
ඔය චුම්බන කන්ද

තබා පොත් මිටිය බංකුවේ හරි මැදින්
නැගී සිටියාය ඈ
මගේ වත ඈ වතට ලංවීම වලකමින්

ඈ පැටළී සිටින ලැප් ටොප් හීනය
සම්පේ‍්‍රෂණය කරවයි ඒ අතර
දුර රටක සිටිනා අක්කණ්ඩියට

පොත් මිටිය නොසොල්ලාම ඈ
හිඳගනියි බංකුවේ කෙළවරින්
දුටිමි පොත් ගොඩේ ඉහළින්ම
චුම්බන කන්ද යැයි නම් දැරූ පුස්තකය

මා ඇගෙන් එවර පිළිවිසිමි
‘‘කියවිය නොහැකිද ඉතින් මට
ඔය චුම්බන කන්ද?’’

පිළිතුරක් නොවූවද මම නිහඬවම හිඳිමි
‘‘ අක්ක සමහර විට එවයි
මටත් ලැප් ටොප් එකක්’’
ඈ පිළිවදන් දෙයි
දුරකථන කතාව් ප‍්‍රතිඵලත් දක්වමින්

මා නැවත විමසද්දි චුම්බන කන්ද ගැන යමක්
ඈ කියයි කථාවෙන් මදක්
එහි ඉන්න චරිතයක් වැව්වාලූ කන්දක් තනියම ම
‘‘ඔයා වගෙ පුංවි ගොවියෙක් හෙම නෙවෙයි එයා
වැව්වා අක්කර සිය ගනණක තේක්ක ඉඩමක්
අවුරුදු විස්සකින් සල්ලි කන්දක් තමයි
ගත්තහැකි ලැප් ටොප් සීයක් උණත්’’
ඈ කියයි පොතේ නැති
වෙනත් ආකාරයේ කතාවක්

යළිත් මම නොවිමසමි
කියවිය නොහැකිද ඉතින් මට
ඔය චුම්බන කන්ද


බී.ජී.එම්.ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails