Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නොකතත් ගන්නට සිතුණා නුඹේ බුලත් විට
හිඳ අව්වේ කෑ ගසමින් විකුණනු දුටු විට

බුලතේ ඇති සිනිඳු ඔපය කොපුලට බෝ වුණ
පුවකේ ළා රටා සෙ'ළැම ගෝමර ඉහිරුණ
හුණෙහි සුදැ'ති සිනාවකුත් විටක් සමග දෙන
නුඹත් සැරද? දුම්කොළ සුඟු විලස කියනු මැන

නොසැපුවද රතුය දෙතොල විටක් සැපූ ලෙස
දැනුණි අතෙහි ගැටුණ සැණින ළඳුනි විටෙහි රස
මට විට දෙන විට නොබැලූයෙමි මම විට දෙස
දිලෙන දෑස- ළයෙහි නෙරුම- සිහිනිඟ දෙස මිස

විටෙන් ටිකක් කෑ සඳ නෙත් ඉවතට නොගෙනම
මුව ගොළු වී - හද ඇවිලී මත්ව ගියෙමි මම

[යටි වියන- 2007]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails