Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම කඳුකරයට පිවිසෙමි

ගිනි ගත් ගෙන්දගම් පොළොවෙන් නික්ම
ගිනියම් සිත් ඇතියවුන්ගෙන් වෙන් ව
කඳුකරයට පිවිසෙමි

කඳුපාර නඟින්නෙමි.
බුම්මාගත්වන ම ඇනබාගෙන
තුමුල කඳු නිසල ව සාවධාන ව
නරඹත් මා - තමන් වෙත එළඹෙන

අනවරාග්‍ර අහසට මා වටකොට
නැගෙන නිල් කඳු මුදුන්හි
සීතල මිහිදුමින් හැසී ගැවසුණු
ගිරි දුදුඟවල සීතල
උරාගමි දෙනෙතින් හදවතට

යමක් මා තුළ අවදි වෙයි!!!
ශිඛරයෙනි, මා තොපට අයත් ය.

තෙපි මෙන් ම වලාකුඟ මානයෙහි හැසිරෙමි
තෙපි මෙන් ම අහස ම අරමුණුකොට ඇත්තෙමි
තෙපි අහස අරා නැගෙන්නාහු වුව
තොපේ ගුප්ත නිහැඬියාව දනවයි
තෙපි ද මා මෙන් ම බිඳුණු හදවත් දරන බව

නො පෑහෙයි මා සම බිමට
ගිනි ගත් ගෙන්දගම් පොළොවට
ශිඛරයෙනි, මට තෙපි අතර
වැදහෝනට ඉඩ දුන මැන
මම තොපගේ අංශුවක්මි
බිඳුණු හදවත් ඇත්තෙමි

මම කඳුවලින් පැමිණියෙක්මි!

[දූවිලි මිනිසා- 2010]

සුනන්ද කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails