Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රුහුණු කුමාරිට
පටකුඩ මොකටද
අතමිට හිඟකොට
ගාට ගාට මේ
මාතර යනවට

බේරේ වැව්තෙර
තෙරපි තෙරපි අර
වැඩ බලන්න මෙන්
ඉස්සෙන පොරකන
පුංචි ගෙවල් ගොඩ
සිහින විමානය

කළුදුම් දාගෙන
දුම්රිය ආයෙය
මිනිස්සු මිනිස්සු
මිනිස්සු රැස්කති
දිලීර ජාලයක් මෙන්
එකටම බැඳුණෝය
බැක්ටීරියා මෙන්
හුදකලාවූවෝය
අන්තිම ක්ෂුද්‍ර ප්‍රාණියාත්
අයිතිය විශ්වයට

කොහි යෙති ද ඔවුහු මියගොස්?

වේදිකාවේ නිදන සිඟන්නා
නො දනීද ඔහු හතරවට
මීටර ගණනක දුරින්
ඇති මහා බැංකු ගැන
මේ මධ්‍යාහ්නයේදිත්
අහනු දකිනු ඇති සිහින
නිල් දිය පිරි ගෙදිගුවිල්
පීනන සුදු හංසයින්
දුම්රිය පළේ සිටිමින්.

වලකා ද කවරකු නම්?

නා නා තරා තිරමේ
සිහින තුළ කෝෂ ගත වූ
මගී දන අතර ම,
දුම්රියෙහි තැන තැන
හිඳගත් පෙම්වතුන් විණ.

ගුගුරන දුම්රිය ම
වස්සාන මේ ගැජුම විය
නැගි කළු දුම් කඳ ම
මහා මේඝය විය
වියොජනන් සියොජනන් කළ
අරුම සෘතුවකි දුම්රිය
"සොඳුර තෝ කවරෙහි-
හිමි අපි පෙම්වත්තු වෙමු"

සරසවි ශිෂ්‍ය පිරිසක්
දුම්රියේ හිඳ සිටිත්
ප්‍රේමය පිළිබඳව
විවිධ මත පළකරත්

"නිල්පියාපත් සලන
ආතුර භෘංගරාජය,
කොටුවුණ පසුව මී මැසි පෙට්ටියට
ප්‍රේමයක් ඉතිරිවෙද,
රැජිණට කරන බැලමෙහෙ
වැඩකාර මැස්සෙකි නුඹ"

"මහා ජලකඳ හික්මවා
එකලු කොට විදුලියෙන් මුළු රට
බබලවන්නට ශිල්ප දත් නුඹ
තනි කළා නම් අන්ධකාරේ
නීති පීඨයෙ මිණිපහන් යුග
හරි අපූරුය!"

"ගරාජය තුළ රිදී මල් ගොමුවේ
පෙම් ගීත ගයනා
මජං ගා ගත් තරුණ වන බමරා
අත මිටියකට තැලී ගිය දා
දිව විකාගෙන උහුලගෙන හිටියා

ග්‍රීස් ගෑවුණ කමිස අතකින්
මෙදා නුඹ ඇස් පිසින්නේ කිමදා,
බිඳුණු ඈ හද පාස්සන්නට
වෑල්ඩින් පහනකට බැරිවග
නොදත්තෙ ද බමරා"

කොක්සන් හඬ ගලන
දුම්රිය මැදිරි ඇතුළත
සරසවියක් ම බඳු විය
පාඨමාලා සියයෙක......

[තරු ලකුණ - 1997]
[8 වන කොටසින් ගත් උපුටනයකි. පිටු 84-87]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails