Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අයියණ්ඩියේ නුඹ බියවන්නේ කුමට
නුඹේ කිරුළ බබලයි අහසේ උසට
මලයණ්ඩියේ ඩයි කළ වයසක හිසට
හෙල්මටයක් මිසෙක කිරුළක් තව කුමට

මා බාලේ තලගොයි පැටියෙක් ලෙසට
බඩ ගා ඇවිත් උන්නා මතකයි අවට
පෑනේ පිස්සුවට කරමින් කෙළි කවට
කවියෙක් වුණා මං පූරුවෙ කළ පවට

කවි ලිය ලියා ගාටන තලගොයි පැටියා
දහ අට වසක් වදුලේ සැතපී සිටියා
නින්දෙන් නැගිට ආවත් ගෙන හැරමිටියා
මිනී නොකයි අය්යේ තලගොයි පැටියා

බැට දෙන නමුත් ගෙයි තිබෙනා මුව හමට
මුව හම්, ගෝන හම් විකිණේ වැඩි මිලට
හම යනතුරු කවි ලීවත් පෙර පවට
කවරෙක් සලකද්ද තලගොයෙකුගෙ හමට

කුමාර හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails