Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉර !
කරුණාකර මට කියන්න;
ඔබ ගෙනෙන ඔය අලුත් දවස පිළිගන්න
කොහොමටවත් ම මට උවමනාවක් නැත්නං
මොකද් ද ඔබේ ඔය ඉර එළියෙන් මට ඇති වැඩේ . . . ?

සඳ !
ඔය මුදු කිරණ වැදී පිපෙන
කුමුදු හෝ සේපාලිකා මල් දකින්නට
කොහොමටවත් ම මට උවමනාවක් නැත්නං
මොකද් ද ඔබේ ඔය සඳ එළියෙන් මට ඇති වැඩේ . . .?

තාරුකා !
මේ තණ පලස මත වැතිරී
ඔය තරු වියන දෙස බලා ඉන්නට
කොහොමටවත් ම මට උවමනාවක් නැත්නං
මොකද් ද ඔබේ ඔය තරු එළියෙන් මට ඇති වැඩේ . . .?

ඉතින් මගේ හදවත !
කරුණාකර මට කියන්න;
මං ලියන කවි කියවන්න
මගේ මිතුරියට කොහොමටවත් ම උවමනාවක් නැත්නං
මොකද් ද මේ හදවතින් මට ඇති වැඩේ....?

පියල් ජයරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails