Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



...ඔබ මගේ ජීවිතෙන් බෑයක්ය
පාලුවූ මා හදේ දෙව් දුවය
ඈත දිලෙන රන් තරුවය
මා ඔබේ සංගිතයයි
ඔබ මගේ ආහාරයයි....

අකුරට යන කාලේ සිට
තට්ටු ගනන් උස පෙම්පත් ලියලා
ඉන් ඉක්බිති,

අපි දිනුවෙමු යි
දිනුවෙමු යි
දිනුවෙමු යි හඬ නඟා

පෙරදිග තාලේ ප්‍රේමය ප්‍රකාර
(ව්‍යාපාරික-වැවිලිකරු-ඉඩම් හිමි)
චම්පිකා, බුදුසරණ, කළ්‍යාණ, ලොරි තුන හිමි)
වංශවත් දම්පතීන්ගේ
රාජ්‍ය සේවයෙහි නියුක්ත
කුළ කුමරුවාත් (ලෝහ සංස්ථාව)
කුළ කුමරියත් (ලුණු සංස්ථාව)
සුබ මුහුර්ත මැද
වේල්-පළඳනා-ටයිගැට-අශ්ඨක

අතිනත්ගෙන
ජයමංගලානි
තට්ටු හතක් උස කේක් කපා
ඉටිපන්දම් වැට හුස්මට නිවලා
පෝරුවේ ක්ලාන්තවී
සංගීත කණ්ඩායමේ රජ දහනේ
කරදහි කූඩු අසෙනිය මල් වරුසාවේ
උතුම් වූ කාර් පෙරහැරින් ඉගිලී
මල් උස්සං පොටෝ අරං
රේට් හවුස් ගිහින් කිරි කෝඩුවෙන්
ජීවිතේ මුල් වරට
පුඩිමක් ද කට ගසා
බඩවල් ගොර ගොර ගාද්දී

සිරි යහනට වෙලා
මල් පෙති කොට්ටෙ ඉසත තබලා
ගන රන් ඇතිරිල්ලේ සැතපිලා
ඉන් ඉක්බිති

නූල් සිවියක ගැට ගැසූ
ජීවිතේ මහාර්ඝ වස්තුවක්
හෙට උදේ ප්‍රදර්ශනයට තියා
සම්භෝගයෙන් පසුව
දාඩියෙන් තෙත බරිතව කැකෑරී
අනිත් ඇලයට හැරී
ඉකුත් වත ප්‍රත්‍යවේක්ෂා කොට
දින පොතේ වචන දෙක තුනක් ලිව් වගයි:

"පල්-මෝඩ-ගමනක්!"

[අකීකරු පුත්‍රයකුගේ ලෝකය]

පරාක්‍රම කොඩිතුවක්කු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails