Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නයනන්තරාවෙන් ඇද හැලුණු
එකින් එක දිය බිංඳු
අහුලා ගනිමි බැතිබරව
අන්තරාව දැක දැකම
නිදහසේ අරගලය
මුනින්තලා නො කෙරෙව්ව.

ජීවිතේ ඉහද්දර
පුන් කලස සේ තබමි
පිරිත් පැන් සේ පුදමි
සුදු රෝස මල නුඹ ය
ඉසින්නට අවසර දෙන්න
කිණිත්තක් ළදලු පත්
අරුණැල්ල ඇහැරවා
කුමන තුරකින් ගම් ද?

සසළවන නුවන් අග
කුපිත කළ සොයුරු පෙම
ලෝකයක් මවිත කළ
සුදු රෝස කුසුම නුඹ!

ඇත්ත ඇතියෙන් දකින
තිත්ත ගණඳුර ළං ව
චිත්ත එඩි කොයිබින්ඳ
සත්තමයි කියපන්න

හෘදය යි සාක්ෂිය
රෙකුලාසි වැට බැන්ඳ
පළා ළය දැදුරු කළ
ගිලටීන සාදයට.
ඉරු රැල්ල සිතුවමකි!

මාන්නෙනි පෝරකය
දහස් ගෙල බිඳ දැම්ම
සුසුම් කොයිවද ඉතිං
නෙත් කෙවෙනි සිඳ දැම්ම?
අහෝ! පාලුය තවම
දෙව්මැදුර එළි නිවුණ.

මියුනිච් හි සරසවිය
සුදු රෝස පත් අතුළ
උදාරම් විප්ලවය
හඬ නඟයි පුබුදුවයි.
සුදු රෝස කුසුම නුඹ
නැගිටින්න උදෑසන.

විසල් ගිරි මාලිගා
කොටු පවුරු අල්තාර
ඉකිබිඳී හද පොකුණෙ
ගෙඹි පැටව් ඉවත හළ
මැක්සිමිලියන් වීථි
කලුවරයි දහවලෙත්
අසන්නේ නුඹ ගැනයි
සුදු රෝස රාජිණිය!

තාදි ගුණ කොයිබින්ඳ
බුදුන් කල සිට ආව
ඇණ ගැසූ කුරුසිය ද
සාක්කිය ට ඡේසුම ද?
පිළිපන්න අපූරුව.

තුරුණු සවිමත් සිතක
අකුටිල්‍ය ගති පෑව
වසල බලවත් රෑන
නිරුත්තර වුණු පැයෙක
ගිලටීන සාදයකි.
මල්වර ව ගිනි බිඳිණ.

සටහන| "සුදු රෝස පත‍්‍රිකා ව්‍යාපාරය"යනු අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි. ජර්මනියේ,මියුනිච් සරසවියෙහි දර්ශනය පිළිබඳ ජර්මන් ජාතික මහාචාර්යවරයකු සහ එහි ජර්මන් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්දන යන්ත‍්‍රය විසින් සාහසික ලෙස සහමුලින් ම විනාශ කරන ලදී. සොෆී සහ හන්ස් ෂොල් එම සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයින් වූ අතර, නිදහසේ අරගලය වෙනුවෙන් සුදු රෝස පත්‍රිකා බෙදා හැරීමේ දී, හමුදා අත්අඩංගුවට පත් වූවෝ ය. සොෆී මග්දලේනා ෂොල්, හන්ස් ෂොල් ඇතුලු සාමාජිකයින් කිහිප දෙනෙකු, 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ගිලටීනගත කොට ඝාතනය කරන ලදී. පසුකාලයේ දී මියුනිච් සරසවිය තුළ ඇගේ ස්මාරකය තනා ඇති අතර වත්මනෙහි සොෆී ෂොල් ජර්මනියෙහි වීරවරියක ලෙසින්ද පුදනු ලබයි. "The Final Days" යනු සිනමාවට නැගූ සොෆීගේ කතාවයි.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails