Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගං දෑල මුර කරන අඳුරු සෙවණැලි මවන
කුඹුක් ගස් අතු අගින් වැටුණු පත් ඇතිරිල්ල
පසු කරන් ඈ බසියි රැළි නගන ගං දියට

ගං දියෙන් පා තෙමන ඉසව්වේ ඉඳගෙනම
ඈ වරළ විදාලයි දිය වතක් හැඳ ගනියි
සොඳුරු දසුනක් සොයන මා දෑස රිදවමින්
නැවත ඉවුරට නැගී ළා කොහිල දළු නෙළයි

තෙත් වතට තුණු බ‍ඳෙහි ඇලෙන්නට ඉඩ නොදී
ඈ නෙළන කොහිල දළු මා හදෙහි කටු අනියි

ගල් පොත්ත මත හිඳන් මා සිටින අතරතුර
බෝ වෙලාවක් රැගෙන කොහිල දළු මිටිය බැඳ
ඈ දියට බසින්නී බැස කිමිද සිටින්නී

කිමිදුමෙන් දිය උඩට මතුව ආ ඇසිල්ලක
රුක් පතක් අහම්බෙන් ඈ හිසෙහි ලැගුම් ගෙන
ඒ අතට ගෙන බලා වත රැඳුණු සිනහවෙන
ගලන දිය මත්තටම යළිත් විසි කළා ඇය

"දුක නැද්ද ඒ පුංචි කොළය ගැන"

"කවුද කීවේ එන්න මා ළඟට"

ඈ නැවත ගිලී යයි සරැළි දිය කඳ යටට

දිය සමග පෙමින් හිඳ බොහෝ කලකට පසුව
කොහිල දළු මිටිය ගෙන තද කරන් ඈ බඳට
දිය බරිත ඇඳුමින්ම ගොඩවදියි ඉවුර වෙත

නැගී සිට ඇගේ බඳ වැළඳ ගමි ඇසිල්ලට

රැවුම් ගෙරවුම් නැතිව මඳ සිනාවෙන් බලා
මගේ අත ඈ බඳෙන් වැරෙන් ඉවතට දමා
ඈ ගියා කුඹුක් පත් පියවිල්ල අභිබවා

කොහිල දළු මිටිය තද වූ බැවින් මා බඳ ට
කටු ඇනී සියුම් වූ දැවිල්ලක් ඉතිරි විය
ගං තෙරේ වැතිර ගත් කුඹුක් පත් පියවිල්ල
දකින විට යළි යළිත් දැනෙයි ඒ දැවිල්ලම

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails