Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අල්ලපු රටේ ඉඳගෙන
ආදරය ගැන හැඟුමක්
ඉපදිච්ච දා සිට
රහසින් ම ඇත්තට ම
ආදරය කළෙමිය මම නුඹට
නොලැබෙනා බව දැන දැන ම

පා සළඹ හඬවා ලිහිණි සරින
දෙළුම් කැකුළු සිනාවෙන්
සරසා මුව මඬළ
මරතොණ්ඩි රටාවෙන් හැඩවෙච්ච
රතැඟිලි හැඬෙව්වා මාව සිහිනෙන් ද

ළැම විල පිරී තිබුණේ සෙනෙහෙන් ද
මගේ ඇස් ඇලවිලා තිබුණා එහි සදහට ම
පුළුල් තිරයේ නුඹේ අත ගෙන
ඊයේ සිටි කෙනා නොව සිටියේ අද
තුන් හිතක වත් තරහක් නොවුණි
එනමුදු නුඹ ගැන
මගේ පාඩුවේ වැඩිපුර ත් ආදරය කළා වින

කාලය ත් එක්ක ඒ මතක
උඩු සුළඟේ ගසා ගෙන
සේරු බිඳී වරල් ලිහී
මම නුඹ නුදුටුවෙමි දිගු කලකින්

හදිසියේ එක පාරට ම
නොසිතූ නොවිරු මොහොතක
විසි වසරකට පසු දුටිමි නුඹ යළිත් ඉස්සර වගෙ ම
ඊටත් වඩා තුරුණු ව ගිනි දැල්ලක් වගේ
රඟනයුරු අන් අතක් ගෙන

තත බිඳෙන සිතාරෙන්
ගසල් ගී සද්දෙන්
මගෙ පපුව පිච්චිලා යන

ජීවිතේ තරමක් පිරසිඳ
සිටින බැවින් සසර අතරමග
මට මම ගැන ම පොඩි දුකක්
ඇත්තට ම දුකක් නොව
පුංචි ලැජ්ජාවක් ඉපදී මියැදුණා රහසින

හෝරා කටු නැති
සදාකාලික කවියක් වගේ
නුඹ නොවෙනස් ව, නමුදු මා වියපත් ව
මතු දිනක මගෙ පුතකු වුව
පෙම් නොබැඳ සිටීවිද
ඒ සදාකාලික කවියට
අල්ලපු රටේ හෝ
වෙන යම් තැනක සිට

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails