
නීල කඳු ශිකර තැල්ලකින් වටව
රුසිරු දසුනකින් අතිඅලංකෘතව
අහා.... කෙතරම් සොඳුරුද
මෙවන් මනරම් පෙදෙසක විසුම
එහෙත්
සොඳුරු කඳු දසුනට පිටුපා සිට ගෙන
නෙත් විදාගෙන - මුව අයාගෙන
යනෙන මේ මග දෙසට
දුගී පැල්පත්ය එක පෙලට
නිසැකයෙන්
නුණුවන දනන් මෙහි ඇති
සොබා රූ සිරි දකින නෙත් නැති
රුසිරි කඳුදු දසුනින්
දෑස් ගිනිකන වැටී මේ ලෙස
මෙහෙව් ආඩපාලි නොකියන් අපට
විදත් මහතුනේ සැදී පැහැදී සොද
මාන මනා ඔය දුර දක්න
දුරින් සිට බල සැනසෙන
තොපට මෙන් අපට
රුසිරු විහිදන මිහිරි මී විතක්
පමනක්ම නොවේ මේ සොබාදම
අප වැදූ මව් කුසද
අප තැනූ පියහසරද
මගකියන ගමන් සගයාද
පමනක්ම නොව
නිතර දුක සැප අසන නිරිදෙකි
මේ සොබාදම් නිල් උඩුවියන
ඉතින් එහි රුව ගුන දකින්නට
අමුතුවෙන් කවුලු හා විවර
අපිට උවමනාවක් නම් නැත
එහෙව් අතිජාත කඳු තිර පසුබිමට ගෙන
කෙත්වතුද, අපේ දුගී මාලිගා පෙලද
එකපෙලට එකට සිරුවට හිටගෙන
අප මවන මේ මහා සිතුවමෙහි
අරුත රුව ගුන වරුන
මහතුනේ තොපට
නොතේරෙන එක පුදුම නැත
සුසන්ත මූණමල්පේ



