
සුදු වළාකුළු කිහිපයක් සහ
කන්ද මුදුනේ උන්නු පුරසඳ
කපා ගත්තෙමි කතුරකින්
හෙන්දිරික්කා මල් වගේකුත්
කඩා ගත්තෙමි පඳුරකින්
කළු පැහැති කඩදාසියක් මත
ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ
වළාකුළු සහ මල් ද අලවා
තබමි තැන තැන පුංචි පිනි කැට
පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇඳලා දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්නා සඳ යට....
රුවන් බන්දුජීව



