Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නෑ සියන් මැද හිඳ පෝරු මත
එදා ළබැඳින් පැළඳ වූ අත
මාරු වී ගිය මුත් අතින් අත
වෙනස් වූයේ නැත හිතින් හිත

සියලු පිරිපත දරා ගෙන හිස
වසර ගණනක් පිරෙව්වත් කුස
වැතිර අවසන විඩාපත් ලෙස
බැංකු මහතුන් දෙපා අබියස

වෙන්දේසියේ ලන්සු අබියස
එකම පැතුමය වූ පැතුම් පැස
කැටුව යන්නට හෙලන ගිජු ඇස
රහස් කඳුළක් දිලිසුනා ඇස

හුදෙකලා වූ වෙදැඟිල්ල අග
සිඟිති අතැඟිල්ලකි දෙවන රඟ
මල බැඳුණ කුලගෙයි යදම් අග
දනිමි දිදුලන මුදුව නුඹ වග

[වෙන්දේසි වූ ප්‍රේමය- 2009]

සරෝජිනී දැරණියගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails