
මොනතරන් ඇත්තක් වුණත්
මොහොතකින් මැකී යන බව
අහසෙහි පායා තිබේ නම් ඉඳු දුන්න
ඒ දෙස නොබලා හිදින්නට පුළුවන් ද ඔබට...?
ඇතැම්විට ඒ ඇදී එන්නේ
මිය ගිය තාරුකාවක අවසාන ගිනි දැල්ල විය හැකි නමුත්
වැව් දියට වැටී ඇත්නම් තරු එළිය
ඒ දෙස නොබලා හිදින්නට පුළුවන් ද ඔබට...?
යළි කිසි දිනෙක ඔබ නො එන බව
ඉස්තීරෙට ම දන්නවා වුණත් මම,
තිස්සේ ම වාගේ ඇහෙනවානම් මට - මා අතහැර ගිය ඔබේ පියවර හඬ
ආපසු හැරී නොබලා හිදින්නට පුළුවන් ද මට...?
පියල් ජයරත්න



