Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනෙකාට දුම් ගසමින්
තමාටම හූ කියමින්
අපි දිව යමු
ඉහළ
පහළ
ඉහ මොළ ගිනිගෙන

ඒ ගිනි මැද
තොල් සායම්
ෂර්ට් කොලරයේ තවරන
බවලත්හුය

සිනාසී
අනුන්ගේ ළැම වඩාගන්නා
පුරුෂයෝය

ඇගේ සිහිනිඟ
26 ද 28 ද කියා
යළි යළිත් මැන බලන
ස්වාමි පුරුෂයෝය

හිමිදිරියේ
හිස් බඩ
රැකියාවට යන
අන් පුරුෂයනට
කිරි පැකට් පොවන
කාන්තා රත්නයෝය

කළල දැක - නොදැක
නිදි කිරන
පොත් කියවන
අන්ධ
බිහිරි
මන්ධ බුද්ධික
සබුද්ධික මනුසතුන්ය

මේ මළ ඉලව්
හොඳට ම දැනගෙන
නොදන්නා සේ
අනෙකාට දුම් විදිමින්
තමාටම හූ කියමින්
ඉහළ - පහළ දුවන
ලැජ්ජා නැති
කෝච්චිය

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails