Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිල් යාය වන පියස
දියබරම වදුළු තුළ
එක හිතින් ගුලි නොවී
මී කුණක ඇමක ගඳ දිගේ ගිය
නයෙකි නුඹ
දෙමන්දක ගැට ගැසුණ

බිත්තර පෙන්වා
කිරි විත දක්වා
නුඹාසා කුප්පවා - රවට්ටා
දමනය සපුරයි සීරුවෙන්
අහිකුණ්ඨික සූරයා

අයුක්තිය නොරිස්සුව
විමුක්තිය හගිස්සුව
නුඹ යාවි නුඹෙ සටන හැර පියා
අතීතයෙ හැව ඉරී
දළ සිඳිත හකු ඇරී
හිනැහේවි නව නිවට සර්පයා

මෙතැන් සිට - මෙතැන් සිට
දඩබ්බර වීරයා නා ලොවේ
අහිංසක නැට්ටුවෙකි වීදියේ

සිසිල් පස බඩවතෙහි ඇතිල්ලුම්
විල් දෙපස නිසංසල සැරිසැරුම්
නයිහාමි යාළුවේ නිමයි දැන්
නිදහසේ උඬඟු නෛයඩි පිඹුම්
සෙනෙහසේ සලිත ලාලිත එතුම්
පිරි අවට හෙට පටන් නෑ ළඟින්

සයින් මිය යන තුරුම
ඉතින් නුඹ හට උරුම
ස්වාමියා පිඹින විට
වැනෙන්නයි !

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails