Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මල් නැතුවත් උණ පඳුරේ සුවඳ ඇතී
කුරුලු මුවින් ගැයෙනා ගී නිමක් නැතී
ගඟ දෑලේ උණ ගස් වල සෙවණ වැටී
ගඟ දිය සුවය ප්‍රේමය මා සිතට වඩී

පාට පාට සංකර ගති කිසිත් නැතී
සියලු කෙළෙස් මල සේදී ගියා වැනී
එක පාටයි ඒ පාටේ මිහිර වැඩී
තපෝ වනේකට සොහොයුරු වුණා වැනී

පන්සල පෙනෙන නෙ ගඟ ගැලූ නිසා
රෑට හිඳියි කියනා බණ හොඳින් අසා
ගුරු හඬ ඇසේ පිරිවෙන ළඟ පාත නිසා
මට නම් සිතිණ උණ පඳුරත් උගත් කියා

ඒ උණ පඳුරු නැති වූයේ අකාලෙට
ගඟ දිය පෙරලුණේ හීතල කඳුළකට
ඒ තුරු සෙවණ ඇන්ඳේ මා සිතුවමට
පින්සල් පාර විතරයි දැන් තනිකමට

මේ ගස් කප කපා ලොරි වල පැටෙව් සැටී
ටේප් පටිය අරගෙන දිග මැන්න සැටී
දංගෙඩියකට ගෙන යන මහ සොරෙකු වැනී
කනේරුමයි දැමුවේ උන් නොවී මැලී

හිතට දැනෙන කණගාටුව කුමක් වැනී
සමනොළ කන්ද බිම පෙරළා දැමූ වැනී
ගඟ දෑලේ ඇති පාලුව කුමක් වැනී
පන්සල් බිමේ බෝධිය නැති වුණා වැනී

(මැදියමේ ගීතය සහ තවත් කවි- 2008)

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails