Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුලින් එනකොටත් මම මේ පර්චස් දහයට
නුඹ හිටියා දැන් වගේ ම ඔතන ම හිටගෙන
හතර වටින් වටකොට වැට කොටු ඉදි වෙනකොට
මේ පිටගම නුඹ විතර යි උන්නේ තනියට

බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
සිමෙන්ති හුනුගල් වැලි ගෙන මැඳුරු තනන කොට
පරාල ටික ලී මඩුවෙන් ගෙන ආවා මිස
ඇහැක් ඇරල නොබැලිමි මම නුඹ දෙස නුහුරට

පොල් බෑයත් රුපියල් විසි පහට නැග්ග රට
ලෝබ නැතිව නුඹේ පැටව් හෙලුවයි මිදුලට
ඒ පොල් ටික කාගෙන හිටි අපි මෙකියන බස
අසා හිතේ කහට ගන්ට එපා මගේ මිත

දෙන්නා තුන් දෙනා වුණි ය, නුඹත් සතුටු විණ
පුංචි එකා දැන් ඇවිදියි වත්තෙ හතර කොන
නුඹෙ පාමුල ඇන තියාන දූලි නාන සඳ
නුඹ ඌ හිස අතගායි ද උගෙ මව් වද වෙත

කොහොම කරත් අන්තිමේට ගෑනුන් බස මිස
අපේ රිස්ස ඉටු වෙන්නේ නැහැ නො වැ මෙදියත
පොරෝකාරයින් කඹ ගෙන මෙහි එන්නට පෙර
නුඹට හැකි ද රිසවේෂන් කෑල්ලෙ ඉන්නට

[දූවිලි මිනිසා - 2010]

සුනන්ද කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails