Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වචනමත් නෙවෙයි ෂැල්වින්
ඔබෙ කටහඬයි ඉංග්‍රීසි

කොයින්ද ආවෙ ඔයි මූණට
උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද
කවියන් කොයිතරම් පෙන්නුවත්
රෝසපාට විළුඹක්
දැක්කෙත් ඔබගෙන්

පන්තියේදිත්-මහ සෙනඟ අස්සෙදිත්
එකවගෙම
හිකි හිකි හිනාව මහ හයියෙන්ම
දොඩමළු වෙන්නෙත්
මුළු මූණෙන්ම

අහන්නට හිතෙයි වෙළාවක
හදවතම දිගහැර
එලුවෙ කොහොමදැයි මූණ උඩ ඔය

ගානක් නැතුවම චුයිංගම් හප හප
ගල් බැම්මේ
මගෙ ළඟින් වාඩිගෙන
මහ බරක් තියයි ඔබ මගේ ඔළු උඩ

ඩෙනිමෙන් මතු උන කළව මත
ලැප් ටොප් එකක් තියාගෙන
ඇඟිළි තුඩගින් නතු කරගන්න හැටි මුළු ලෝකෙම

හරි පුදුමෙ වෙළාවකට
ඇවිත් අපෙ පන්තියට
ඉදගන්න එක ඔබ මගෙ පේළියෙම

වචනමත් නෙවෙයි ෂැල්වින්
ඔබෙ කටහඬයි ඉංග්‍රීසි
රෑ පුරා මට ඇහෙයි
ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි

මහ පුදුමෙ මටමම
ඔබ ගැන පෙමක් ඇතිවෙන්නෙ නැති හැටි
මං පුංචි කොල්ලෙක් තාම
ලව් කරන හැටිවත් දන්නෙ නැති

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails