Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රත්නපුරයට කොළඹ - සිට උරෙන් උර පැහැර
මිනිස් බසයේ කොනක - කවුළුවක් ළඟ'ස්නෙක,

දිගෑදී කියවමින් - මචාඩෝ1 කවි පොතක්
ඉන්ද්‍රානි2 ගේ බසින් - සිටින'තර වරින් වර,

රැඳැවීමි ඔවුන් ළඟ - නෙත් පොතෙන් දුරට විද
නොහොබිනා කුතූහලය - විසින් මෙහෙයැවුණු මම!

දෙනෙත් රඟ දෙනු පෙනෙයි - දෙතොල් සසැලෙනු පෙනෙයි
මට දුරින් බසය මැද - දුර ගමන සිටගෙන ම

මොහොතකින් මට දැනිණ - මනෙත් ඇදැගත් කරුණ
අතැඟිලිහි, ඇහිබැමිහි - නැෙඟන ඉඟිබිඟි තියුණි.

කිසි දිනෙක නොවුණ ලෙස - මහද මුස කළ විලස
දෙ-මුව ගොළු; හද නොගොළු - මේ සුපෙම්වත් යුවළ.

[පහන් පා- 2008]
[1. අන්තෝනියෝ මචාඩෝ [ස්පාඤ්ඤ] 2. ඉන්ද්‍රානි රත්නසේකර]

ජයත් පියදසුන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails