Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ටක ටක ටක
ටක්ක ටකට ටක්ක ටකට
ටේක් අවේ නයිට් කඩේ
CFL බල්බ රැසේ
දුලනා උඹෙ හිස් ගෙඩියේ
තොරන් සිරිනි කොත්තු මලේ

දිළිදු බවේ සින්නක්කර
තල් අතු මඩුවක ඉපදුනු
ආනා ආවන්නා එළි
ඉර හඳ නැති ජීවිතයක
තල් හෙවනට ගිනි දා කල
සන්ත සබ්බ සකල මනා
උන් හිටි තැන් වත අහිමිව
වවුනියාවේ කඳවුරුවල
හිඟා නොකා හිඟා කකා
ගෙන්දගමට ආපු උඹට
ජාතකයත් එරෙහි වෙලා.

පර දෙමළෙකු වීලා
සැකකරුවෙක් වීලා.......

ටක ටක ටක
ටක්ක ටකට ටක්ක ටකට

බෝ දේ නොලැබුනු දිවියේ
ඉච්ච භංග වියරු හදේ
ගින්නද ඔය වාන්දානු
තඩිබා ටකරං මේසෙට?

උඹෙ ජීවිතෙත් හරියට
යකඩ පතුරුවල පොඩිවෙන
කොත්තු කැබලි වගේ නෙවද?

අසංක නිරෝෂාන් ගුරුගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails