Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බඩගිනි වෙලා මා ගිය කළ මහ ගෙදර
අම්මා මතක් වුණි නැතිවත් ඈ නුදුර
ඇති තරමක් ඇති තරමක් මට නිතර
බත් බෙදනවා ඈ සිටියා නම් ගෙදර

පල්ලෙහා පාර අද්දර හෝම්පළේ
කටරොළු මල් පාළු කපනා නිරන්තරේ
අම්මා නිදාගෙන ඉන්නා හෝම්පෙළේ
මට බඩගිනියි....
මට බත් දෙනව ද....
අම්මේ....

බත් බෙදනා සඳ මගෙ පොඩි පිඟානට
කාපන් පුතේ සේරම කියනවා මට
පුතුන් ගමන් ගොස් ගෙදරට එන කලට
බත් බෙදපන් අම්මේ ඇති තරම් මට

බඩගිනි වෙලා මම ආ කල මහ ගෙදර
හෝම් පොළේ නිදනව සෙනෙහේ වතුර
බිතක්කනේ මා ඉඳ ඉන්නා අතර
පුතේ නොකියන්න බත් ඉවර ද ගෙදර

[සඳ වතුර- 2010]

ධර්මසිරි රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails