Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොල් පටවාපු ප‍්‍රයිවෙට් බස්සෙකේ
සෙකන්ඞ් ශයි රිවිෂන් ක්ලාස් යන
ඔයයි.මායි. මං හිටගෙන ඔයත් එහෙම

පෙම් රැල්ලට වඩා දිග දඟකාර
කොණ්ඩගස් දෙකතුනක් උඩප්පරං ගහ ගහ
ජනේලෙන් අම්බරෙට ඉගිලෙන්න මානන

අයිබ්‍රෝස් හැදුවෙ නැති ඇහි බැමිත් නට නටා
හිනා සායං දෙතොලෙ කොනක් එක හප හපා
පෑව ඉඟි මං දිගේ මං එලෙව්වා එවෙලේම

විල්මැක්ස්සෙකේ ලේටස්ම ෆිල්ම්මෙක දුවද්දිත්
කොහොමරි ක්ලාස්සෙකටම ඇවිත්
මාංචු දාගෙන අයාලේ යන හිතට
ඔයා ඉඳගත්තු බංකුවෙම එක කොනක
මාත් ඉඳගත්තු ඒ ඇසිල්ලෙම
ඔරවලා බැලුවාම තුන් හිතම බිම වැටුණ.

ඒ ඔරවාපු බැල්මේම
කණපිට හරවලා බැලූවාම
මොකද්දෝ අමුත්තක් !
හිත මගේ කිව්වේම කිව්වේම
ආයෙමත් ෆිල්ම්මෙක වරද්දල
ක්ලාස්සෙකටම එන්න.ක්ලාස්සෙකටම එන්න

ක්ලාස්සැරිල අතරමග එක හවසක
යාලූවොත් මගෑරල ඔයා තනි උනේම
මොකක්හරි වෙනසකටමයි කියල
පැමිණිලි කෙරුවා හිත සාක්කි කැ‍ඳෙව්වා
ඒකමයි එවෙලේම බස්සෙකෙම මං ක කු ල පෑ ගු වේ
රවන ඔය ඇස් දෙකේ උඩු ගමට පීනුවා
තිබුන්නෑ අරෝවක ලකුණකුත්
ඒකමයි එවෙලේම හී නි ය ට අ ත අ රං මි රි කු වේ

ක්ලාසුත් නොයා එක දවසක
කච්චේරියට හැරෙන කිට්ටුවම
සමනල පාක්කෙකෙ කොක්කුත් ලැගපු
හමත් ගැලවුණු බදාම ලෑල්ලක
බත්තෙකක් එකතැනමඅනඅන
දවස් දිගාදින විදිහක් ගැන
කල්පිත-පරීක්ෂණ-යෝජනා අතරෙම
පාරෙ යන කාරෙකක්
දිගේ ඔයා හති ලෑවෙ
"අපි ගන්නෙත් මේ වගෙ බෙන්සෙකක්ද?"

මං බ ය උ නා හො ඳ ටෝ ම
ආයෙමත් ඔය ඇස්සෙක්ක
වරත්තුවෙ ඇවිදින්න...

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails