Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උතුරු කරෙන් නැගෙනහිරින් නිතරම වැහිකළු ගෙනෙනව
නිරිත දිගින් එන සුළඟට ඒ වැහි කළු පල දරනව
දෑල පිරී ලියැදි පුරා දෝරෙ ගලා දිය ඇදෙනව
පොසොන් මහෙයි මැදින් මහෙයි වෙනසක් නැතිදැයි හිතෙනව

පැසුණු ගොයම බිම වැතිරී කරල් පෙඟී කණු කැපෙනව
නෙලා ගත්ත තෙත අස්වනු කමත වටේ කඳු ගැහෙනව
ඈහැ බැතක පිළිණු ගඳට පාවරයෙන් දුම් දමනව
මහට මෙහෙම වැහි වැටුණම ඇහැට කඳුළු ගුලි නැගෙනව

ඉස්තිර නැහැ හෙට දවසත් මන්දාරම අඩු නොවන්නෙ
වස්තරයක් වේලගන්න අවු රැල්ලක් නැහැ වැටෙන්නෙ
බිත්තරවත් බේර දෙන්න බැරිනම් දෙවියන් යදින්නෙ
මොකටද මේ තිත්ත බතට වෙහෙසී ගොවිතැන කරන්නෙ

[සඳ පතිත වන පෙතක- 2010]

චන්ද්‍රසිරි මීවනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails