Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"Considering the way the world is, one happy day is almost a miracle" – Eleven Minutes [2003]

මරියාගේ දිනපොතෙන්; බ්‍රසීලය බලා යන්න ගුවන් ටිකට් පත මිලදී ගත්ත දින සවස:

එකෝමත් එක රටක කුරුල්ලකු හිටියා. එයා දිලිසෙන, වර්ණවත්, විස්මය දනවන පිහාටු වලින් යුතු පරිපූර්ණ අත්තටු දෙකකින් සෑරසිලා හිටියා. ටික කාලෙකින් එයා අහස පුරා නිදහසේ පියඹන දකින හැම කෙනෙකුටම සතුට ගේන සතෙක් බවට පත් වුණා.

දවසක් එක ගැහැණියක් මේ කුරුල්ලාව දැකලා එයත් එක්ක ආදරෙන් බැඳුණා. එයාගේ ගුවන් ගමන බලන් හිටපු ඇගේ මුව විස්මයෙන් ඇරුණා.ඇගේ හදවත වේගයෙන් ගැහුණා. විස්මය නිසා ඇගේ ඇස් දිලිසුණා. ඇය කුරුල්ලට ඇයත් එක්ක පියාඹන්න කියලා ආරධනා කළා. ඉතිං දෙදෙනාම අහස සිසාරා පරිපූර්ණ සුසංයෝගයකින් පියාසර කළා.ඇය ඒ කුරුල්ලා වර්ණනා කළා. පූජනීය කොට සැළකුවා. සැමරුවා.

ඒත් ඇය ඊළඟට මෙහෙම හිතුවා:එයාට ඈතින් තියෙන කඳුවලට පියාඹන්න ඕනෙ ඇති! ඉතිං ඇය බයවුණා. බයවුණේ ඇයට කවදාවත් මේ වගේ හැඟීමක් වෙනත් කුරුල්ලෙක් ගැන ඇති නොවෙයි කියලා. ඇයට ඊර්ෂ්යා හිතුණා. ඒ කුරුල්ලාගේ පියාඹන්න පුළුවන් හැකියාවට ඊර්ෂ්යාි කළා.

ඉතිං ඇයට තනිකමක් දැනුනා. ඒ වගේම ඇය හිතුවා: "මම උගුලක් අටවන්න ඕන. ඊළඟ පාර කුරුල්ලා ආවට පස්සේ එයා ආපහු කවදාවත් යන එකක් නෑ."

ආදරෙන් බැඳිලා හිටිය ඒ කුරුල්ලත් පහුවෙනිදා ආපහු ඇවිත්, උගුලට වැටිලා කූඩුවක හිර වුණා.

ඇය හැමදාම කුරුල්ලා දිහා බලාගෙන හිටියා. මෙන්න දැන් ඔහු ඉන්නවා, ඇගේ ආශාවේ වස්තුව. මෙහෙම කියපු යාලුවන්ට ඔහුව පෙන්නුවා." ඔයාට ඕන වුණු හැමදේම දැන් ඔයාට තියෙනවා." කොහොම වුණත් අමුතු පරිවර්තනයක් එතන සිද්ධ වෙන්න පටන් ගත්ත: දැන් ඇය ලඟ කුරුල්ලා හිටපු නිසා තව දුරටත් ඔහුව ආදරෙන් හොයාගෙන යන්න ඕන වුණේ නැහැ. ඇයට කැමැත්ත අඩුවෙන්න පටන් ගත්තා.පියාඹන්න බැරිවුණු හින්දා ජීවිතේ සැබෑ අරුත ප්රපකාශ කරගන්න බැරිවුණු කුරුල්ලා නාස්තිවෙලා යන්නත්, එයාගේ පිහාටු වල දිස්නය නැතිවෙලා යන්ටත් පටන් ගත්තා. එයා කැත වුණා. ඒ වගේම ඒ ගැහැණිය කෑම දාන එකත්, කූඩුව සුද්ධ පවිත්රහ කරන එකත් ඇරුණම තව දුරටත් එයා කිසිම අවධානයක් යොමු කළේ නැහැ.

එක දවසක් ඒ කුරුල්ලා මිය ගියා. ඒ ගැහැනිය අතිශයින්ම දුකට පත් වෙලා ඇගේ මුළු කාලයම ඔහු ගැන හිතමින් ගෙවලා දැම්මා. ඒත් ඇය කූඩුව ගැන මතක් කළේ නැහැ. ඇය කල්පනා පළමු වරට ඔහු තෘප්තිමත්ව වළාකුළු අතරින් පියඹනවා දැකපු දවස ගැන විතරයි.

ඇය තව දුරටත් ඇය ඇතුළට එබිලා බැලුවනං, තේරුම් යාවි ඇය උද්දාමයට පත්වුණේ ඔහුගේ නිදහස නිසාත්,තටු ගසද්දි ඒවායේ තිබුණු ශක්තිය නිසාත් මිසක් ඔහුගේ භෞතික ශරීරය නිසා නෙවෙයි කියලා.

කුරුල්ලා නැතුව ඇගේ ජීවිතය තුලත් කිසිම අර්ථයක් නැතිව ගියා. ඒ වගේම මරණය ඇගේ එළිපත්තේ ඉඳන් දොරට තට්ටු කළා."ඇයි ඔබ ආවේ?" ඇය මරණයෙන් ඇසුවා."එතකොට ඔබට පුළුවන් ආපහු සැරයක් ඔහුත් එක්ක අහස සිසාර පියාඹන්න." මරණය පිළිතුරු දුන්නා." ඔබ ඔහුට ඇවිත් යන්න ඉඩදුන්නා නම්, ඔබට ඔහුට තව තවත් ආදරය කරන්නත්, අගය කරන්නත් ඉඩ තිබුණා. අහෝ! ඔබට දැන් මාව අවශ්ය යි නැවත වාරයක් ඔහුව සොයා ගන්න.

|Eleven Minutes [2003]| මිනිත්තු එකොළහේ කතාව| විදර්ශන ප්‍රකාශන

පාවුලෝ කොයියෝ
පරිවර්තනය - රුවිනි තල්පාවිල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails