Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"සැප විඳින්ට ඕනෑනම් දුක් විඳින්න - ඒ නිසා ගං වතුර ගැලුවට, බඩු මිළ ඉහල ගියාට කමක් නෑ. අටලෝ දහමට අනුව කල්පනා කරන්න. සිදුහත් කුමාරයා මාස හයක් දුක් වින්ඳා. ඊට පස්සේ සදාකාලික සැප ලැබුවා." - අගමැති බණ කියයි.

පවුල් ගහට පිටදීගෙන බුදු වෙන්න
අවුල් නැතිව පිං ඇති තනතුරු ගන්න
රැවුල් කපාගෙන ලුණු කැඳ බී ගන්න
වවුල් පිං පියාගෙන් බණ අහගන්න

උද්ධමනේ බඩුමිළ විරැකියාව
කරුමය තමයි නැත එහි මාෆියාව
අසිරිය මවන්නට නම් ආසියාව
ගෙදරින් පටන් ගනු දුෂ්කර ක්‍රියාව

මන්තරේ රහ‍ට බුදුබණ උයා පිහා
ගින්දරේ සිටින ජනයට බෙදා පියා
තනතුරේ සැපට වැඳ වැඳ අනාතයා
අන්දරේ තමයි ගම්පොළ පණික්කියා

දං කොඩ උනත් සැප යැයි දිය වන්නාවේ
කං කොට බූරුවා සබයට ඇන්නෑවේ
පිං පොත පෙර‍ලගෙන අම්බුළුවාවාවේ
අං ගොඩ යන්න පිං ඇති අම්බිලි මාමේ

සැකකාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails