Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අවුරුදු සිරියෙන් සිරිලක ඇළලේ"- ප්‍රධාන ශීර්ෂ පාඨයක්

රතිඤ්ඤා දල්වන්ට තහනම්ය පොඩි උන්ට
ඇසේ ඈතින් නිතොර බියකරු වෙඩි සද්ද
නො ඇසේය කොවුල් නඳ අවුරුද්ද ගැන කියන
වැළපේය නළා හඬ අනතුරක් හඬවන්ට

කැලි කසළ මළ මුත්‍ර දුඟඳ බරට ම රැගෙන
හමා යයි මඳ සුළඟ ලවන රස මුසු කර
කරාමය ළඟ ඇසේ "චර චරය" වහසි බස්
සළෙල නෙත සැරි සරයි තෙත බරිත සිරුරු ළඟ

රෙංගසාමී එක්ක දර පලන අප්පච්චි
ලොකු පුතා නැති සොවින් සුසුම්ළන තංගච්චි
සුබෙයිදා මල් කැකුළ ගිය මාසෙ ගෙට වෙච්චි
අපි සැවොම නෑදෑයො කඳවුරේ තනිවෙච්චි

එකතු කර කඳුලු බිඳු සෝදලා කුඩු සහල
බුර බුරා හද නැඟෙන ගිනි දැල්ල උඩ තබා
අහිමි ගේ දොර සිහිවැ හදවතින් හඬ හඬා
පිසිමු අපි කිරිබතක් දැවෙන වැලි තලය මත

[මකරන්ද- 2008]

පී.ආර්.ඩී බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails