Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉතින් ඔබ තෝරන්න
"ගමට පායන හිරු"
ඔහුව තෝරන්න

එළිය මදි වගේනම්
"ගමට පායන සඳු"
ඔහුව තෝරන්න

බුධ සිකුරු කුජ වුව
එවත් එළියයි ඈතට
ඉතින් ඔබ තෝරන්න

කාන්සියක් දැනේනම්
ප්ලෙන්ටියක් බී
මලක් කඩ කඩා තෝරන්න

"ගමේ පැතුම් ගොඩ"
අහා.... ඔහුව තෝරන්න
පැතුම් එකි නෙක
ඔබට නොදැනිම
හෙමින් සිඳලන
අනේ.... ඔහු තෝරන්න

"රට වෙනුවෙන් එකක්"
ටිකක් පිළුනුයි තමයි
කැමතිනම් තෝරන්න

"කාන්තිට දෙන්න"
"කොඞීට කන්න"
කන කෑම ඔබ තෝරන්න

"මනුෂ්සත්වයේ නාමයෙන්"
අන්න ඔහු......
කල් වේලාගෙන
හෙමින් ඔබ හැඩ වී
ඔහුව තෝරන්න

"විශ්වාසයට එකක්"
අනේ ඔහු තෝරන්න
දුකයි ඔහු තෝරන්න
අනේ නාන නානේ
සැපයි ඔහු තෝරන්න

"පිවිතුරු හදක්"
කිලිටි වන්නට පෙර
ඇයව තෝරන්න

සෙල්සියස් අංශකේ ටිකෙන් ටික අඩු වෙන
ටයිල් පොළවේ මයිල් ඇලවෙන
ඇඟ හීනියට කිලිපොලා එන
තුන් දෙනෙක් තෝරන්න

අබා අහවරනම්
රියැලටිය නරඹා තෝරන්න
එයත් අහවර නම්
තුන් තේරවිල්ලක්
අනේ..... මෙය තෝරන්න

විරාජ් ලියනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails