Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපේ ජාතික කොඩියේ
ඉන්න පුළුවන්
සිංහයෙකුට විතරක්ද?
තියෙන්න පුළුවන්
බෝ කොල විතරද?
ඇත්තටම ඉරා විසිකරන්න
ධෛර්ය තියෙන්න ඕන නේද?
අපට
කොටියෙකුට ඉඩ නැති
ත‍්‍රිශූලයකට ඉඩනැති
අපේ ජාතික කොඩිය

බෝ කොල සිංහ රූ
කහ තැඹිලි කොල තීරු
ගලවා විසි කර
පාදා ගන්න උවමනාය
සිහල දෙමළ හැමගේ
රුධිරයේ පැහැය දෙන
අපේ ජාතික කොඩියේ
රතු පසුබිම

අපේ ජාතික ගීය
සිංහලෙන් විතරක් කියන
දෙමළෙන් නොකියන්න
නීතියෙන් මුකවාඩම් බඳින
ඇත්තටම අපි
නිහඬවම ඉන්න ඕන නේද?
කිසිත් නොකියාම
ඒ නිහඩතාවය
සිහලත් දෙමළත් නොවන
බොහෝ හැඟීම්
ගෙන එනු ඇතට සිතට

අපේ ජාතික ගීය
රට ගැන හැඟීම් කුප්පන
ගයන්න ඕන නේද හද බසින් නේද?
භාෂාවක් මොකටද? ජාතික ගීයට
සොඳුරු හැඟීමක් මිසක
සිහලත් දෙමලත් නොවන

චතුර මධුසංක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails