Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශිව රමණි මෙහි එන්න
ගෙල වැලෙන් නිදහස්ව
ඉරුණු මගෙ හෝඩි පොත
කැමතිදැයි කියවන්න

වියරුවෙන් ගිලිහෙන
මේ රක්ත රුහිරු බිඳ
කාගෙදැයි පවසන්න
අඩක් නම් නුඹේමය
ඉතිරි අඩ....!

මිනී මල් දහස් අතරේ
නිහඬව වැලපෙන්න වැතිරී
පිච්ච මල් වතුරේ
සඟවන්න කඳුලු රහසේ

කිහිරඟුරු වැනි කතර
තුරුණු පිය සැඟව ගියතර
කීතු වූ තල් පත් අතර
පරෙවි කූඩුව කොහි වෙද මිතුර

ඉකි නොලා වයමූ
එක කවක් ගයමූ
අවි හරා හැරෙමූ
බෝ තොසින් මැරෙමූ

ඉරුණු මේ හෝඩි පොත
කැමතියි අලුතින්ම අරඹන්න
ලේ කඳුලු නැති පන්හිඳක් ගෙන
ශිව රමණි එක්කම ලියන්න

(රිදී මුතු ඇටය සහ රත්තරන් හදවත - 2009)

නිරෝධා තුෂාරි නානයක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails