
(බොහෝ කලකින් රෝහණ පොතුලියැද්දගේ කවියක් නොදිටිමි.)
වක් වතින් නොවක් කවියක් රැගෙන
නුඹ පැමිණි අතීතෙක දොරකඩම මල් පිපුණ
නොවක් ප්රතිපත්ති මත රැඳී ඇති විටක
වක් කවක්වත් නොලීවේ කිම සබඳ?
නොසෙල්වෙන සෙලක් ගැන සලිතවන හඳ නැතිව
ගලක රැඳි සෙවලකට කවි ලියමුද? කොහොම
මා ඔය හැර දමා පාන්දර බසයට නගින
නුඹ දෙස බලා කවි කැකුළු පරව යන
සඳ කිරණ පොරෝගෙන මා ඔයේ සැඩපහර
ආපසු එන මගට පාවඩ එළා හුළු අතින
මුමුණ මුමුණා කියන රහස ඇහෙනවද
හෙට උදෑසන කවියකට ඇහැරිය යුතුය
මුලට පෙම් බඳින විට ගසට මල් උරුම බව
කියාදුන් හිරුමඩල නුඹම වේ සකිසඳින
සැඩහිරුත් මැකී යයි විටක ගන වළාවක
ආයෙමත් නෙත් හරියි මහ පොළොව සිපගෙනම
[විල්තෙර.ලංකා| 2011.02.20]
දිලිප් කුමාර ලියනගේ
RATHU BOONDIYA | ප්රරෝහණය විය යුතුය| [රෝහණ පොතුලියැද්දට] - [දිලිප් කුමාර ලියනගේ]
Posted by
BoondiOnLine
2.27.2011



