Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


අරුන්දතී රෝයිගේ "Democracy's Failing Light| Is democracy a hit with humans because it mirrors our myopia?" යන ලියැවිල්ලේ හඳුන්වාදීමේ සටහනෙන් තෝරා ගන්නා ලද කොටසක පරිවර්තනයකි.

"මරණින් මතු ජීවිතයක් තිබේද?" යන්න ගැන අප තවමත් විවාද කරමින් සිටින්නෙමු. ඒ අතරම "ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?" යනුවෙන් වූ ප්‍රශ්ණයක් නැගීමට කෙනෙකුට සිදු විය හැක.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද? එය කෙබඳු විය හැකිද? මෙහි ලා "ප්‍රජාතන්ත්‍රවාදය" යනුවෙන් මා අදහස් කරන්නේ එකී වචනයෙන් හඳුන්වනු ලබන පරමාදර්ශය හෝ සංකල්පය නොව, මේ වන විට වැඩෙහි යොදවා ඇති මොඩලයයි. එනම්, බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ එහිම ප්‍රභේදයන් ය.

ඉතින්,
"ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?"

මේ පැනයට පිළිතුරු සෙවීම බොහෝ විට කෙළවර වෙන්නේ, වෙනස් පාලන ක්‍රම සමග එය සංසන්දනය කොට එයටම ආවේණික-

කටු සහිත ස්වයං ආරක්ෂිත කවචයක් තුළට මේ "ප්‍රජාතන්ත්‍රවාදය" බැස්සවීමෙනි. "ඔව් එය කැලැල් සහගතයි" කෙනෙකු කියනු ඇත. "ඔව්. එය සර්වසම්පූර්ණ නැහැ තමයි. හැබැයි විකල්ප ලෙස අපට පිළිගන්වන අන් සියල්ලට වඩා එය හොඳයි." එවිටම, කාමරයේ ඉන්නා තවකෙකු මෙලෙස කියනු ඇත. "ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, සවුදි අරාබිය, සෝමාලියාව.... ඒ වගේ රටවල් වල තියන මොඩලයකට ද තමුසෙ කැමති?"

ප්‍රජාතන්ත්‍රවාදය යනු, සියළු සංවර්ධනය වෙමින් සිටින සමාජයන් විසින් අපේක්ෂිත උතෝපියාවම නොවීම මුළුමනින්ම පාහේ වෙනමම ප්‍රශ්ණයකි. (මා සිතන්නේ ද එසේ නොවීම විය යුත්තක් බවයි. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කාලීන පරමාදර්ශී අවදිය එක්තරා අන්දමක මුරණ්ඩු සහගත ස්වරූපයක් ගැනීමට ඉඩ ඇති බැවිනි.) "ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතය" පිළිබඳ පැනය විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදී නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදීයැයි ව්‍යාජයක් රඟ දක්වන රටවල් වල ජීවත්වන අප වැනි අයයි. එයින් ඇඟවෙන්නේ අප ඒකාධිපතිවාදී, සමස්තතාවාදී නින්දිත මොඩලයන් දක්වා පිරිහෙලෙමින් සිටිනවා ය යන්න නොවේ. එයින් අදහස් වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමින් අප දන්නා "උවමනාවට වැඩියෙන් නියෝජනය කිරීම් සහිත එහෙත් අවශ්‍ය තරමටත් අඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහිත" මේ මොඩලයට ව්‍යුහාත්මක සීරු මාරු කිරීම් අවශ්‍යව ඇති බවයි.

ඇත්තෙන්ම නැගිය යුතු පැනයන් වන්නේ, අපි "ප්‍රජාතන්ත්‍රවාදයට" මොනවද කරලා තියෙන්නෙ? අපි ඒක මොකක් බවටද මේ පත් කරලා තියෙන්නේ? වරක් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කළ පසු මොකද වෙන්නේ? එය තේරුමක් නැති හිස් කුහරයක් බවට පත් විය හැක්කේ කවදාද? දිනෙක එහි ඇති සියළු ආයතන බියකරු ස්වරූපයකට ස්ථානාත්තරණය වූ විට සිදු වෙන්නේ කුමක්ද? දැන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳ පොළ ක්‍රමය, හුදු උපරිම ලාභය ලබා ගැනීම නැමති පටු මතිමාත්‍රයක් වටා එක්ව භ්‍රමණය වෙමින් කොල්ලකාර ඓන්ද්‍රිකයෙකු බවට විලීන වී ඇති විට එයින් සිදු වන්නේ කුමක්ද? දැන් මේ ක්‍රියාදාමය නැවත හරවන්නට පුළුවන්ද? මෙකී වෙනසෙහි දෝෂය නැවත මුලට ගොස් නිවැරදි කොට පැමිණිය හැකිද?

අපට අද අවැසි වන්නේ, මේ ග්‍රහලෝකයේ ඉදිරි පැවැත්ම සහතික කළ හැකි දිගු කාලීන දර්ශනයක්. ඉක්මන්කාර, නිස්සාරක, කෙටි කාලීන ප්‍රතිලාභ ලැබීම කෙරෙහි පමණක් විශ්වාසය තබන ප්‍රජා පාලනයක් මගින් එය ඉටු වේද? අපගේ කෙටි කාලීන යාඥා සහ බලාපොරොත්තු වලට ලැබෙන පූජනීය පිළිතුර නොහොත් අපගේ පුද්ගලික නිදහසේ ආරක්ෂකයා නොහොත් අපගේ ධන තෘෂ්ණාව ඇති දැඩි කරන්නා බවට පත් ව ඇති මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, දිනෙක මිනිසා දුවමින් සිටිනා මේ ධාවන තරඟයේ අවසන් ඉම සලකුණු කරයි ද? මේ ක්‍රමය මගින් අපගේ මුග්ධ අදූරදර්ශීභාවය පෙන්වනු ලබමින් සිටිනා බැවින්, එයම නූතන මිනිසා එබඳු ඉරණමකට ඇද දැමීමට හේතු විය නොහැකිද?

මිනිසා යනු අන් සතුනට වඩා වෙනස්, වර්තමානයේ පමණක් ජීවත් විය නොහැක්කෙකි. එමගින් ඔවුහු තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙති. එසේම ඔවුනට අනාගතය ද අසීමාන්තිකව පෙර දැකිය නොහැකි බැවින් ඔවුහු අනාගතවක්තෘ වරුන් ද නොවෙති. අප සතු විශ්මයජනක බුද්ධිමත්භාවය පැවැත්ම සඳහා අප තුළ වූ සහජාශය ඉක්මවා ඇති සෙයකි. හුදෙක් ද්‍රව්‍යමය අතිරික්තයක් රැස් කිරීම මගින් අපට අහිමි වූ කිසිවක් දිනා ගත හැකිවාක් මෙන් අපි මහපොළව නිර්දය ලෙස කොල්ල කමින් සිටින්නෙමු.

මට කීමට අවශ්‍යව ඇත්තේ, මෙකී "ප්‍රදීපාගාරය" කඩා වැටිය හැකි බවත්, මෙකී ප්‍රජාතන්ත්‍රවාදය කලක් තිස්සේ අප සිහින දුටු සමාජ සාධාරණත්වය සහ ස්ථාවරත්වය උදා කර දීමෙහි ලා තව දුරටත් අසමත් විය හැකි බවත්ය.

ලෝකයේ විශාලම "ප්‍රජාතන්ත්‍රවාදය" (ඉන්දියාව!) තුළ "ප්‍රජාතන්ත්‍රවාදය" ක්‍රියාත්මක වෙන අන්දම සලකා බැලීමෙන්ම මෙය අවබෝධ කරගත හැකිය. වරක් එක් කාශ්මීර් අරගලකරුවෙකු කියූ ඉන්දමට එය ලෝකයේ විශාලම "Demon-Crazy" එකයි. ඔහු අතවූ විරෝධතා පුවරුවේ මෙසේ ලියා තිබිණි. "Democracy without Justice=Demon Crazy!" (සාධාරණත්වයෙන් තොර වූ ප්‍රජාතන්ත්‍රවාදය රාක්ෂස වියරුවකි!)

OutlookIndia වෙබ් අඩවියෙනි.

අරුන්දතී රෝයි
පරිවර්තනය - කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails