Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


හඳගම සමඟ හෙළුවෙන්....[තුෂාර පෙරේරා] | මෙතනින් කියවන්න

සයිබර් අවකාශයෙන් දේශපාලනය කිරීමට මා හට අවශ්‍ය නැත. තුෂාර පෙරේරා නැමැති රචකයා අශෝක හඳගම අරභයා සහ ඔහුගේ නව නිර්මාණය අරභයා ලියන්නේ කුමක්දැයි නොදැන ලියා ඇති ලිපියක් බූන්දියේ පළ වීම දැක කෙටි සටහනක් යෙදීමට සිතුණි. මේ යුගයේ තුෂාරගේ වීරයා මහින්ද වී ඔහුගේ මිතුරෙකු ලෙස සිටින කබ්රාල් යටතේ සේවය කරන හඳගම තෙක් වන දිගුවේ අවුල-

මතු දිනක තුෂාර නිදි ඇදේදී විසදා ගනීවි යැයි විශ්වාස කරමි. එකා මෙන් පෙළ ගැසී ගිය වුන් අප අතහැර ගිය ද අපගේ ගමන නැවතී නැත. හඳගමගේ නිර්මාණයන් විචාරය කිරීමට හෝ විවේචනය කිරීමට තරම් මා තුළ දැනුම නොවුනද විශ්වාසය යන පදනමේ සිට ඔහු දෙස බලන විට මට නම් තවම ඔහු වීරයෙකි. විදූ තුළ තුෂාර නොදකින බොහෝ දේ තිබෙන නිසා නැවත ඔහු විදූ සහ අක්ෂරය නැරඹිය යුතුය. එවිට ඔහට හඳගම යනු පරමාදර්ශයක් නොව මිනිසෙකු බව වැටහෙනු ඇත.

හඳගම සිනමාකරුවකු ලෙස දකින අතර පෞද්ගලික ජීවිතය සහ සිනමාව එක්කොට ගොඩනගා ගත් සිතැගියන් ඔස්සේ වෙනත් අයෙකු (යක්ෂයකු) පෙනීම තුෂාරට පමණක් සීමා වූවක් නොවේ. විදූ නිසා වෙනත් බොහෝ දෙනෙකු ද එලසම අවුලට පත් වී හඳගම සහ විදු විවේචනය කළහ. නමුත් විදූ හරියට ඔලුවට දා ගන්නේ නම් අක්ෂරය තුළින් මතුකළ දේ විදු තුළින් ගම්‍යමාන වන බව වැටහෙනු ඇත. මේ අවදිය සටනට සුදුසු නොවන බව හඳගම සවිඥානිකව දනී. කාලය පැමිණි විට ඔහු සටන් කරනු ඇත.

මා එක්තරා පුවත්පතක සේවය කරනා අවදියක එම කාර්යාලයේ පරණ පුවත්පත් ගොනුවක තිබී සොයාගත් කවියක මෙලෙස සඳහන් ව තිබුණි.

නොලීවාට කාලයක්
ලියලමින් තිබුණා කවියක්
නිදහස සොයා ඔබ ගිය දා පටන්
අරුත් ගැන්විය යුතු දෙයක් මිස
දිනාගත යුතු දෙයක් නොවන වග
නිදහස
පසක් කරගන්නා තෙක්ම
නොනිමි ගමනක යන්න
ඔබව පසුකර ගිය දෑම
යළි යළිත් මුණගැසෙනා විටවත්
සිතා ගත්තොත් ඇති
ඔබ සරන්නේ වෘත්තයක බව
පුරවන්න බැරි හිස්තැනක්
පැලීමක් අවකාශයක් ඔබ
හිස්කමම මිස
පිරුණු බව
බින්දුවම මිස අනන්තය
පසත් කරගත් මොහොතමය
නිවන
අහවල් අරුමයක් ද වෙන
කෙළ කෝටියක් දුක් ගැහැට
උහුලන්න හැකි ඔබේ හදවත
පෑරී රිදුම් දෙනවිටවත්
අත්නොහැරියානම්
මිරිගුවම හඹා යන පුරුද්ද
ඔබ
නිවන් යනු සත්තයි
මට කළින්


අතීතය දන්නා අය හඳගම නිර්මාණය කළ මෙම කවිය සහ ඔහු පිළිබඳ දන්නවා සේම නොදන්නා අයද කියවා තේරුම් ගත යුතුය. තුෂාර ප්‍රශ්න කළ හඳයාගේ පවුල් ජීවිතය එවිට ඔහුට ද බරක් වනු ඇත.

බූන්දි සංස්කාරකවරුන් මෙම කෙටි සටහන පළ කරනු ඇතැයි විශ්වාස කරමි.

දසුන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails