Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගන රන් කොතින් දුල වෙහෙරැති නුවර මැද
වෙනු මෙන් පසක් නරනිඳු වොටුනුත් පැළඳ
මනු රජ කුලය පවතියි පිළිවෙළ නොසිඳ
දකු මනරම් රජ මැඳුර ද සිහ මැතිඳ

නල මුදු සුවඳ පිස එත ගාලු මුවදොර
පවනිදු දුකක් නොවැකෙන පන්සල් මැදුර
නෙක බදු බරින් සනසයි වැසියන් නිතොර
පරසිඳු දැයෙක පිය සෙනෙහස බල මිතුර

එව කනු බොනුය දන දන්සල් රස බලන
යව යව අපායට බැරි මුව ගතු කියන
සැනහෙව මවුනි ඇයි මේ කඳුළු උතුරන
දමනුව අහක මළ පුතු මතක වධ දෙන

තර කළ විසල් මාවත් පාලම් හැදෙන
සුලකළ කොමිස් දියවන්නාවෙන් ගලන
බිහිරිව ගොළුව තොප නිදියන කල්පය ම
පුවතර මේ පොළව වැසියනි මට පමණ

මාටින් නිමොලසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails