Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිල්පර කොට අතර
පොකුණු දිය තලය මත
සෙනෙහසේ පිළිබිඹු දකින
තැන තැන වැටුණ
රට කජු කඩල ඇට
තුඩින් අහුළා ගෙන කවන
තමන්ගෙ ම රේල් පීලි
ලෝකයක තනි වුණ
පරෙවි යුවළේ
පරෙවියාණෙනි

වේදිකාව මත හිඳින
මට පෙනේ තරමක් ඈත
ඇඟ පත කළු ගැහුණ
කුණු අදින ඔහු ගෙ රුව
මෝඩ ඇළ පිළී ගඳ
කියා තුඃ ගාන දන
හෙළුවැලි පුංචි උන්
බත් ඇට සොයා යන
කිරි ළැම අත ගාන
අනුරාග නෙත් සර

රතු එළියට
හූ සද්දෙට
ඈත් විය යුතු ය අප
වේදිකා ගැට්ටෙන්
කෝච්චිය එන විට ම
සැණින් ඉගිළී යන්න
කොයින් ද පරෙවි නිදහස
අපට උඹලාට මෙන්

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails