Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිරවෙමින් දෑගිලි අතර
දෙතොල් පෙති හා වෙලී
යාවෙමින් සුසුම් හා
සිසාරා ළය මඩල
හද පිරුනු දුක් ගිනි
දරා ගෙන ඔබ හිසින්
නිවාලයි මගේ හද
සහිල් පැන් පොදක් විලසින්

කල නොහැකි හීලෑ
දුවමින් හිතුමතේ
මං මුලා වන්නට වෙර දරන
අකීකරු සිත් මඩල
බැද සියුම් හුයකින්

නිවට වන්නට වෙරදරන
කුසල් සිත - කහවනු ඉදිරියේ
නාරිලතා මල් පිපුනු
සුව යහන් මත සතපවා කය
පයමනින්නට පාරාදීසයට
පෙර මග ලකුනු බලනා රාග සිත් යක්ෂයින්
හබා ගොස් ගසා දුම්මල
පුටුවහල් කරයි වාතලයට

විලස දුම්රොටු
පිරිමැද හදවතේ සියුම් තැන්
මතු කරයි කවි සිත
කපා ඔප මට්ටම් කල
ගෝමේදයක් විලස

සුමට කොපි කොලය මත
කරයි කැටයම් බෝල් පොයින්ට් පෑන් තුඩ
මියැදෙයි ඔබ කෙමින් කෙම
පුරවයි මා අලු බදුන

කොලින් අල්ගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails