Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මොන තරම් හැඩ
වුණත් මුහුණේ
කොතරම් අජූව ද
රවා බලනා කලට
"හරි හැඩයි ඔබ
රවා බැලුවත්"
මෝඩ පිරිමින් එහෙම කීවත්
හිනා වුණි නම්
හැඩ තමයි ඔබ

ඒත් කෝමද
හදවතේ කුණු
විස පුරෝ ගෙන
හිනා වෙන්නේ

ඇත්ත
ඇති සැටියෙන් ම පෙන්වා
ඉතින් ස්තූති
රවා බැලුවට!
ඔබට එරෙහි ව
මගේ ආයුද
රහසේ ම මම
තමා මුවහත
කල් ගෙවා මුත්
බලා ඉන්නෙමි
මට රැවූ ඒ
"ඇස් සහිත හිස"
ගෙලින් සිඳ මම
සිනාසෙන්නෙමි!

පියන්කාරගේ බන්දුල ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails