Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොයිබ ඔබ පිය සැළුවේ
හැරෙයි ජන ගඟ එතැනට
කොතැන ඔබ ගැයුවේ
සැනසෙනුව උන් ආයේ

...ඒ අඳුරු සඳු දින
අලුයම් පැයෙහි ඔබ හෙලූ
පණ නල වැදී ගිනි ගෙන
නිදි පැදුරෙන් නැගිට
පෙරහැරින්ය උන් ආවේ

ප්‍රජා සාලාවේ
සැතපෙන ඔබ සොයා
ගව් ගණනේ දුරට
උන්ය පෝළිමේ සිටියේ

තුන් දවසට
මිනී ඇඳුම් තුනක්
අඳින්නට සිදු විය
ඔබේ දේහයට-
සත් ගව්වක් දිගට
ප්‍රජා ශාලාවට ඇදුණු ජන සෙන්
ඒ පොඩි මිනිසුන්... ගැහැණුන්... ළමයින්
සලිත ඇස්වලින්
අත ගෑමෙනි ඔබේ දේහය

හමු වෙන්න මතු භවයෙ දී වත්
ඔබ එන්න ආයේ
නැගිටින්න ඔය නින්ද
නොනිදා අනේ

හාදු මල්- රෝස මල් අඩු මිලය- වැඩි මිලය
වැලන්ටයින් ගේ ආලෙ- වෙන්දේසි යාය
සුහද ඔබ තුරුණු හද පුදසුනේ පිදූයේ
දෙවියන්ට පඬුරු කළ හැකි තරම් ප්‍රේමයකි

...ඔබෙ පා රැඳී තිබූ බිමේ
දූවිලි බිඳක් පවා
වැතිරී සිඹින්න හෝ
පැතුවේ මමයි ළඳේ
පය පාමුලේ ඔබ ගේ

කාටදැ යි ගී- කුමටදැ යි ගී, බියක් සැකයක් නෑමයි
සප්ත ස්වරයක් නොදැන ගීයක් මැවී නම් ඒ ඔබමයි
මහ සිපින් ළඟ- මහ නිපුන් ළඟ ඔබේ හඬ නෑ නෑ මයි
ජෝතිමත් ගී- මෝතිමත් වී ගැයුවෙ ඔබ ඔබමයි!

[ජෝති රශ්මි රාත්‍රී]

පරාක්‍රම කොඩිතුවක්කු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails