Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රූප කිසිවක් නොඇඳුණු
තිත්ත කළුවර සිහිනයක
ගොළු ගැහුණු එක'මෙක කුරුල්ලෙක්
හිරු එළිය බිඳකදු නැති
මද සුළන් රැල්ලකදු නැති
පාළු නිවසේ
රිදී එළියක් විමසයි

පළඟැටි පොකුරු මතුවුණ
ගිම්හානයේ දවසක
දුර ඈත පිපි සූරියකාන්ත මලෙක
සුවඳකි දැනී නොදැනෙන

කාලෙකින් විවර වුණ
ජනෙල් පලුවෙන්
කුඩා දැල් තිර අතරින්
අතැඟිලි ගැටගැසුණ
ආදරය ලිහි ලිහී දිගහැරුණ
නාඳුනන පෙම්වතුන් දෙපලක
කුඩාවී නොපෙනී යනු පෙනිණ

වහින්නෙම නැතුව ම
තව තවත් විළිරුදා ඉවසන
අහස මොනවට
පස් මහ බැලුම් බලනුද
වැසි සළු ඉරා
පිළි බර මුදා
නිදහස් වනු නැතිව

ඔබ මොබ ඇවිද
කුමක් විපරම් කරමිද මම
නුඹ දෙදෙන අවසනට තෙපළුව
ගල් ගැසී ගිගුම්ලන වදන් මිස
අන් කිසිත් නැත මෙහි නිවසන

දොර කවුළු හැර
හනි හනික
ගෙට ගන්න හැදුවත්
හිරු එළිය
මද සුළඟ
පුරවන්න බැරි හිස්කම
වහන්නට අනකරයි
දොර කවුළු හැම
අරින්නට බලකරයි
බෝතල් කළ කවිය

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails